හෙළරට - දේශිය පුවත්

කොරෝනාවෙන් ආදිවාසින් දැඩි අර්බුදයකට ..

කොරෝනාවෙන් ආදිවාසින් දැඩි අර්බුදයකට

කොරෝනා වෛරසය නිසා ඇතිවු තත්වය මත තම පරපුරේ සියළු දෙනාටත් දැන් ජිවත්විමේ ගැටලු රැසක් මතුවි ඇතැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.


කොරෝනා වෛසරය නිසා ලෝකයේ සෑම රටක්ම උග්‍ර ප්‍රශ්න රැසකට මුහුණපෑමට සිදුවි ඇතැයි පවසන ආදිවාසි නායකයා ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා ඇතැයි කියයි.


කොරෝනා ව මිනිස්සු ලෙඩකළා පමණක් නොව රටවල් ආර්ථික වශයෙන්ද ලෙඩ කර ඇතැයි ඔහු කියයි.


මේ තත්වය නිසා සෑම කෙනෙකුටම වාගේ තම ආදිවාසි පරපුරේ සැමටද ජිවත්විමේ අර්බුදයක් ඇතිවි ඇතැයිද හෙතෙම කියයි.


මේ දිනවල දඹාන ගම්මානයට සංචාරකයන් පවා නොඑන නිසාත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිබව ආදිවාසි පවුල්වල පෙන්වා දෙති.එසේම වැව්වලින් මල් ආදිය කඩා විකුණා ආදායම් උපයා ගැනිමටද දැන් නොහැකිවි ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

Related posts

ගාලුපාරේ අනතුරින් යතුරුපැදිකරු මරුට…

Helarata

ජපානයට ශ්‍රමිකයන් බඳවා ගැනිම දිගටම…

Helarata

ලොවපුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මරුට..

Helarata

Leave a Comment

Translate »