හෙළරට - විදෙස් පුවත්

මැඩෝනාට කොරෝනා..

ජනප්‍රිය පොප් ගායිකා මැඩෝනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමා රෝගී වී ඇති බව ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය විසින්ම ඒ බව පවසා තිබෙන බව වාර්තාවේ.

‘නිරෝධායන දින පොත’ නමින් හුදෙකලාව ගතකරන කාලය පිළිබඳව දෛනිකව වීඩියෝවක් බැගින් නිකුත් කරන මැඩෝනා විසින් අවසන්වරට නිකුත් කළ වීඩියෝවෙන් තමා ආසාදිතයකු බව අනාවරණය කරනු ලැබුවාය.

“පසුගිය දිනෙක කරන ලද පරීක්ෂණයකින් ආසාදිතයකු බව දැනගත්තෙමි. ඉතිං හෙට සිට මම දිගු ගමනකට සූදානම් වෙමි. මම දැන් කොවිඩ් – 19 වාතය ආශ්වාස කරමි. කෙසේ වෙතත් හිරු බැබළෙනු ඇතැයි මම අපේක්ෂා කරමි’’ යනුවෙන් මැඩෝනා කියා තිබුණාය..

Related posts

ආර්මෙිනියාවෙි අගමැතිට කො⁣රෝනා …

Helarata

ඇමෙරිකාවේ විරෝධතා මැද ගාන්ධි ප්‍රතිමාවටත් හානි..

Helarata

ඉන්දියාව චීනය පසුකරගෙන යයි…

Helarata

Leave a Comment

Translate »