හෙළරට - දේශිය පුවත්

ෆන් වෙසක් ප්‍රීති වෙසක් කොරෝනාවෙන් මට්ටුවුණා…

සුදු රෙද්දට මුවාවෙලා සමහරු කරන්නේ බෞද්ධ විරෝධි වැඩ – වනවාසි රාහුල හිමියෝ කියති..

අද අපේ රටේ බෞද්ධ සංවිධාන රාශියක් ඇතත් ඒ කිසිදු සංවිධානයකින් බෞද්ධයන්ට සිදුවන සෙතක් නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
එසේම අතීත බෞද්ධ නායකයන් බිහිකළ බෞද්ධ සංවිධාන අද එක්තරා පිරිසක් බහිරවයන් මෙන් අල්ලාගෙන ඇතැයිද උන් වහන්සේ කියති.

අද වනවිට බෞද්ධයන් මිත්‍යාවට යොමු වෙලා. බෞද්ධයෝ යන්නේ මංමුලාවුවන් වගේ. බෞද්ධ නායකයෝ යැයි පෙනි ඉන්න අය කරන්නේ සුදු රෙද්දට මුවාවෙලා තමන්ගේ වැරදි අඩුපාඩු ටික වහගන්න එකයි ,ඒ බෞද්ධ සංවිධාන වල තිබෙන දේවල් ගසාගෙන කෑමයි විතරයි.


බෞද්ධයන් ගේ අයිතින් අද නැතිවෙලා. පුරාවිද්‍යා භූමි වනසලා. සමහර ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන සමතලාකරලා දාලා. බුදුදහමට එරෙහි පොත්පත් රැසක් මුද්‍රණය කරලා. බෞද්ධ නාමයෙන් බෞද්ධ විරෝධි මත සමාජ ගත කරනවා.හැමෝම බුදුදහම සෙල්ලමකට අරන්.ඒත් මේ විනාශ හමුවේ මොන බෞද්ධ සංවිධානයේ නායකයාද ඉදිරිපත් වුණේ. අතීත නායකයන් කරපු දෙවල් කිය කිය ඉඳලා වැඩක් නැහැ. තමනුත් රටට වැඩ කිරිමට බෞද්ධ සංවිධානවල නායකයෝ සිතාගත යුතුයි.එහෙම බැරිනම් බහිරවයන් වගේ අල්ලාගෙන ඉන්නේ නැතිව යන්න ඕනේ.


කොරෝනා වසංගතය නිසා රටට නරකක් වගේම හොඳකුත් වුණා. අපේ රටේ අඥාන මිනිසුන්ට පරිසරය ගැන යළි හිතන්න කියලා දුන්නා. ඒවගේම වෙසක් සැමරිය යුත්තේ කෙසේද කියල⁣ පාඩමක් කියා දුන්නා. මෙච්චරකල් අපේ අය වෙසක් සැමරුවෙි සැණකෙළියක් හැටියටයි. කැරොල් වෙසක් හැම තැනම තිබුණා. නිහඬබව අගය කළ ශාස්තෘවරයා සමරන්න මහ ගෝෂාවක් කරනවා. තෙමගුල සමරන්න ඔළු බක්කෝ නටන ජාතියක් අපිට ඉන්නේ.මේ සියළු තත්වයන් කොරෝනාව නිසා කරන්න බැරි වෙනවා. වේවැල් අරන් ගැහැණු ළමුන්ගේ පස්ස පැත්තට පහර දෙමින් වෙසක් සමරන්න සමහර මෝඩ තරුණයන් පෙළඹිසිටියා.තව අය පාරේ යන අයට වතුර විදිනවා.මේවාද වෙසක් සමරනවා කියන්නේ. කොටින්ම කොරෝනා නිසා ඒ මෝඩ මිනිසුන්ට වෙසක් ෆන් නැතිවෙනවා. ප්‍රිති වෙසක් නැති වෙනවා. කොටින්ම කියතොත් මේ පාර තමයි නියම බුදුමග යමින් වෙසක් සමරන්නේ. කැරොල් වෙසක්වලට තිත තියන්න මෙය හොඳම අවස්ථාවක් වෙිවි.


අනෙක් කාරණය අපේ ඉතිහාසය පුරාම පැවැති ධාතු සංකල්පයටත් නිගාදෙමින් නොයෙක් නාළිකා විසින් ධාතු ප්‍රදර්ශනය පටන් ගත්තා. අසුමහ ශ්‍රාවකයන්ටත් වඩා ශ්‍රාවකයන්ගේ ධාතු ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා.මේ නිසා ධාතු සංකල්පයටත් හානි වුණා. මේ සියල්ල ඉදිරියටත් අවශ්‍ය වන්නේ නැහැ. තම තමන්ට පැවරුණු කාර්යයන් ඉටුකළානම් අර්බුද නැහැ යැයි වනවාසි රාහුල හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

Related posts

ඉන්දියාවේ මරණ 15,000 ඉක්මවයි…

Helarata

ලාංකික සිසුන් 443ක් උඩින් ගෙනඒමට පියවර..

Helarata

ට්‍රම්ප් පහළට….

Helarata

Leave a Comment

Translate »