හෙළරට - දේශිය පුවත්

අප්‍රේල් සේවය ලබාගත් සේවකයින්ට වැටුප් ලබා දෙන්න – කම්කරු දෙපාර්තමේන්තුව.

පසුගිය අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සේවකයින්ට වැටුප් ලබාදීමට සේවා යෝජකයා කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ.විමලවීර ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, හලාවත – දුම්මලසූරිය – වතුගහමුල්ල පෞද්ගලික කර්මාන්තශාලාවක සේවකයින් විරෝධතාවක නිරත වුණේ පසුගිය මාසයේ වැටුප් නොගෙවීම හා මේ මස සිට වැටුප් අඩකින් කප්පාදු කිරීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබීම හේතුවෙනි .

මීටරයක දුර තබා ගනිමින් ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටීම විශේෂත්වයක්.

කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ.විමලවීර සඳහන් කළේ අප්‍රේල් මාසයේ පූර්ණ කාලීනව සේවය ලබා ගත් සේවකයින්ට වැටුප් ලබා දී නොමැති නම් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදුකරන ලෙසයි. එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් සේවයට වාර්තා නොකර නිවෙස්වල රැදී සිටින සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කම්කරු අමාත්‍යවරයා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.

මේ අතර, කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ලබාදී තිබූ කාලය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ . එම කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය 03 වනදාය.

Related posts

වහල් වෙළඳාම්කළ මන්ත්‍රී බිම දිගේ ඇඳගෙනවිත් ගඟට දමයි….

Helarata

Condolences of the Siyam Sept of the Asgiri Maha Vihara.

Helarata

කෑගල්ලේ පවුල් 490ක පුද්ගලයින් 1500ක් අවතැන්

Helarata

Leave a Comment

Translate »