හෙළරට - විදෙස් පුවත්

අැෆ්ගනිස්ථාන රජයෙන් ජනතාවට නොමිලේ පාන්…

නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව 5 දින පියවර ගත්තේය.

එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදාදීමට එරට බලධාරීහු ඊයේ කටයුතු කළහ. ඒ අනුව එක් දිනකදී ‘නාන්’ පාන් දහයක් එක පවුලකට ලැබේ.

මිල ගණන් ඉහළ ගිය අනෙක් ප්‍රදේශ හා නගරවලද නොමිලේ පාන් බෙදාදැමීම කඩිනමින් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ජනාධිපති මොහොමද් අෂ්රෆ් ඝානී පැවැසීය.

ඇෆ්ගනිස්තානය යනු ලොව දුප්පත්ම රටවලින් එකකි. එරට ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙති.

Related posts

චෙන්නායි යළි වසයි….

Helarata

ප්‍රංශයේ යළිත් බිය…

Helarata

ඉන්දීය ජනාධිපති ආර්යාව දුප්පත් ජනතාවට මුඛ ආවරණ මසා දෙයි..

Helarata

Leave a Comment

Translate »