හෙළරට - දේශිය පුවත්

ආසාදිතයන්ගේ සංඛ්‍යාව සඟවන්නේ නැහැ..

ආසාදිතයන්ගේ සංඛ්‍යාව සඟවන්නේ නැහැ – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

⁣නව කොරෝනා ආසාදිතයන් පිළිබඳව සංඛ්‍යා ලේඛන කිසිසේත්ම සැඟවිමක් කළ නොහැකි යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.


ආසාදිතයන් ගේ සංඛ්‍යා ලේඛන සඟවන බව ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයිද ඒ මහතා කියයි.


අපි කරන්නේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙළක් මෙහි අරමුණ කෝවිඞ් 19 පාලනය කිරිමයි. අපි මේ කාර්යය කරන්නේ මහජනයා සමඟයි. එසේ තිබියදි කිසිදු තොරතුරක් සඟවන්න බැහැ. එසේම එවැනි සැඟවිමක් කවදාවත් සිදුවන්නේ නැහැ. එසේ කිරිම මහජන සෞඛ්‍ය වැඩපිළිවෙලේ න්‍යය ධර්ම හා රෙගුලාසිවලටත් පටහැනියි. එබැවින් තොරතුරු සැඟවිමේ කතාව අසත්‍යයක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසිය.

Related posts

නවසිලන්තයේ ලාංකික විහාරස්ථාන විවෘතවේ….

Helarata

මාස තුනකට පසු පොඩි මැණිකේ කොළඹ එයි…

Helarata

වසංගත රෝග හා විද්‍යා අංශය අද පෙ.ව. 10 ට නිකුත් කල වාර්තාව

Helarata

Leave a Comment

Translate »