හෙළරට - දේශිය පුවත්

ඇමෙරිකානු තානාපතිනිය සහ අගමැති සාකච්ඡාවක්.. (Photo)

.

ඇමරිකානු එක්සත් ජනපද තානාපති ඇලියනා ටෙප්ලිස් මහත්මිය හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා COVID -19 වලට එරෙහිව ගෙන යන සටන ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කළ අතර පශ්චාත් වසංගත තත්ත්වයේදී ඇති වන ආර්ථික අභියෝග හා අඛණ්ඩ සහයෝගිතාවය පිළිබඳව එහිදි අවධානය යොමු කළේය.

COVID -19 පිළිබඳව අදහස් දක්වමින් ටෙප්ලිස් මහත්මිය කියා සිටියේ “අප සැමවිටම මහජන සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු“ යන්නයි. තව ද ඇය කියා සිටියේ ඔවුන්ට ස්ථිර සහකරුවකු ලෙස සිටිමට අවශ්‍ය බවයි.

ආර්ථික වශයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අංශයක් වන ඇගලුම් ක්‍රේෂත්‍රයේ බොහෝ සමාගම් දැනට ගෝලීය ඉල්ලුමට අනුව පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) නිෂ්පාදනය කරමින් සිටින බවත් එයට එක්සත් ජනපදයේ සහය ලබා දෙන ලෙසට අගමැතිවරයා ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම් සියල්ල පිලිබඳ තානාපතිනිය අවධානය යොමු කරන බවට සහතික වූ අතර අගමැතිවරයා දන්වා සිටියේ තානාපති කාර්යාලය දැනටමත් එක්සත් ජනපද ගැනුම්කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරමින් සිටින බවය. තවදුරටත් ඇය පවසා සිටියේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව තුළ බහු ජාතික සමාගම් දැකීමට කැමති බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුළින් අර්බුදය සාර්ථකව ජය ගැනීමට හැකි බවත්ය.

දෙරටේ නියෝජිතයන් පැවැත්වීමට නියමිත මැතිවරණ හා අපේක්ෂිත ව්‍යාපෘති පිලිබඳ සාකච්ඡා කළ අතර කොරෝනා තත්ත්වය පාලනය කළ වහාම මෙයට අවධානය යොමු කරන බව ද පැවසීය.

Related posts

ආසාදිත සිසුවා නිසා ප්‍රංශයේ පාසල් 7ක් වසයි…

Helarata

අත්හිටවු පොලිය අයකරගන්න බැංකු සටනක…

Helarata

4429ක් නිරෝධායනයේ..

Helarata

Leave a Comment

Translate »