හෙළරට - විදෙස් පුවත්

කොරෝනාවෙන් එංගලන්තයේ 30,000ක් මරුට..

නව කොරෝනා වයිරසය හෙවත්  ‘කොවිඩ්-19’  වසංගතයෙන් එක්සත් රාජධානියේ මියගිය ගණන 30,000 ඉක්මවා ගොස් ඇත.

යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම කොරෝනා මරණ ගණන එයයි.
 
අප්‍රේල් 24 වැනිදා වනවිට එංගලන්තයෙන් සහ වේල්සයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29,648ක් යැයි ජාතික සංඛ්‍යාදත්ත පිළිබඳ කාර්යාලය නිවේදනය කළේය.
 
ස්කොට්ලන්තයෙන් සහ උතුරු අයර්ලන්තයෙන් වාර්තා වන මරණ ද සමඟ එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇතැයි නිල සංඛ්‍යා දත්ත වාර්තා කරයි.
 
කෙසේ නමුත් මරණ වාර්තා වීමේ දෝෂ හේතුවෙන් වාර්තා වී ඇති මරණවල වෙනස්කම් ඇත.
 
 5දා  පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 29,079ක් ලෙස සටහන්ව තිබිණි. ස්පාඤ්ඤයෙන් මරණ 25,428ක් ද ප්‍රංශයෙන් මරණ 25,201ක් ද වාර්තා විය.
 
ජර්මනියෙන් වාර්තා වන ‘කොවිඩ්-19’  ආසාදිත මරණ ගණන 6,993ක් විය.

Related posts

ඇමෙරිකා පොලිසිය දණ ගසයි. .

Helarata

රුසියාවේ ආසාදිතයින් ලක්ෂ 5යි…

Helarata

ඉන්දියාවේ ඊයේ දිනයේ පමණක් කොවිඩ් ආසාදිත 59 ක් මිය ගිහින් .

Helarata

Leave a Comment

Translate »