හෙළරට - දේශිය පුවත්

ජනදිවිය යථාතත්වයට පත්කිරිමේ ක්‍රියාමාර්ගයන්ට ජනපති උපදෙස්..

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග 05 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පැවැත්විණි.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව මෙහිදි ජනාධිපතිරයා අවධාරණය කර කළේය.

ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.
පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළ අතර කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපයීමේ දී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව සාකච්ඡාවට බඳුන් විය.


ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු විය යුතුය. ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළහැකිය. සේවයට වාර්තා කිරිමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුය.
නිවසේ සිට වැඩ කිරීමේ දී ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇත. එය ඉදිරියට ගෙන යමින් ඊ-මේල් සහ කෙටි පණිවිඩ භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමටත් ඒවාට පිළිතුරු ලබාදීමටත් ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නෙය..


හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් ද සාකච්ඡාවට ලක් කෙරිණි.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.


විදුලි, ජල, වාරිමාර්ග, කෘෂිකර්ම. වැව් අමුණු පිළිසකර කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි සංවර්ධන වැඩ සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් පටන් ගෙන ඇත. මැයි 11 දා සිට ජන ජිවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල ද සංවර්ධන මෙහෙයුම් ඇරඹිය හැකිය. වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඝෘජු අධීක්ෂණයට ලක් කිරීමට ද තීරණය විය.


මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නැයි තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නෙය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

කොළඹට එන දුර ගමන් සේවා නවතී…

Helarata

ජනපති ලේකම්ගේ මැයි මස වැටුප වැන්දඹු අනත් දරු අරමුදලට

Helarata

පළගැටියා සොයන්න උඩින් එයි…

Helarata

Leave a Comment

Translate »