හෙළරට - දේශිය පුවත්

ඉන්දියාවේ කොරෝනා වේගවත් වෙයි…

පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් – 19 රෝගින් 3 900ක් වාර්තා වි ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 46 433ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සඳුදා දිනයේ කොරෝනා පරීක්‍ෂණ 80 000කට වඩා සිදුකර ඇති හෙයින් ආසාදිතයින් වැඩි පිරිසක් හඳුනා ගැනීමට හැකිවූ බවයි.

ලෝකයේ අඩුම දෛනික පරීක්ෂණ අනුපාතිකයක් පවතින ඉන්දියාව සිය පරීක්ෂණ ධාරිතාවය ඉහල නැංවීමට උත්සාහ දැරීම කොරෝනා ව්‍යාප්තිය මර්දනයේ සාර්ථක පියවරක් බව වෛච්‍ය විශේෂඥයෝ පවසති.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දිනකට සාම්පල 100 000ක් පමණ පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බවයි. 

Related posts

මීගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට …

Helarata

පිටරට සිටින 38,983 ක් එන්න ලියාපදිංචි වෙයි …

Helarata

හැදුනුම්පතේ අංකය අනුව පා ගමනින් ඖෂධ ගන්න යන්න…

Helarata

Leave a Comment

Translate »