හෙළරට - දේශිය පුවත්

නවසිලන්තයේ නාහිමිගෙන් වෙසක් පණිවිඩයක්…

වෙසක් පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි. ඒ එසේ වන්නේ, ප්‍රධාන වශයෙන් අපගේ ශාස්තෘවරයාණන් වූ අප මහ බෝසතාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන තෙමගුල සිදුවූ පොහොය දිනය, වෙසක් පොහොය වන නිසාය.


මේ අසිරිමත් තෙමගුල සිදුවීමට අමතරව, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම යන ආගමික වැදගත් කමකින් යුතු සිදුවීම්ද, බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම ,සමනොළ සිරිපා සටහන පිහිටුවීම, විජය කුමරු ලංකාවට ගොඩබැසීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැයුමෙන් දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහාසෑයේ වැඩ ඇරැඹීම යන ලංකා ඉතිහාසයට වැදගත් වන කරුණුද වෙසක් පොහොය හා බැඳී පවතී. මේ නිසාම ශ්‍රී ලාංකිකයන් හට නම් වෙසක් පොහොය සුවිශේෂී පොහොය දිනයකි.


මුළු මහත් ලෝකවාසී බෞද්ධයෝ සෑම වසරකම මෙම වෙසක් සමය තුල නොයෙකුත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන වසංගත රෝග තත්වය හමුවේ වෙනදා මෙන් දන්සැල්, තොරණ සැරසිලි වැනි දෑ කිරීමට අවකාශයක් නොමැති අතර දාන, ශීල, භාවනා වැඩසටහන් සඳහා විහාරස්ථාන කරා යාමටද ඉඩක් නොමැත.


ඒ නිසා මෙවර වෙසක් දිනයේ තමතමන්ගේ නිවෙස් තුලම ආගමික පරිසරයක් නිර්මාණය කර ගෙන එම පරිසරය තුලම සිට ශීල සහ භාවනා යන ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙන ලෙසට අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. මෙසේ කිරීමෙන් මානසික සතුට සැනසීම ඇති සරල සුගම දිවිපෙවතක් ගොඩනගා ගැනීමට ඔබට හැකිවන අතර ප්‍රතිපත්ති පූජාවට නැඹුරුව කරනා එම කුසල කර්ම වලින් එය සැබෑ ලෙස වෙසක් දිනය සැමරීමක්ද වන්නේය.


මෙසේ ප්‍රතිපත්ති පුජාවන්හි යෙදීමෙන් රැස්කරගන්නා කුසල් හේතු කොට ගෙන ඔබ හැම දෙනාටම අමාමහ නිවන් සුව අත්පත් කරගන්නට හැකි වේවායි අවාසන වශයෙන් ප්‍රාර්ථනා කරමු.


ඔබ සැමට තෙරුවන් සරණයි

වල්ගම ශ්‍රී මුනින්දවංස නාහිමි ශ්‍රී ලංකාරාමාධිපති සහ නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක.

Related posts

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

Helarata

එළවළු සදහා නිසි මිළක්….

Helarata

ජනදිවිය සක්‍රිය තබාගනිමින් කොරෝනා මැඬලන්න දිරියෙන් වැඩකරමු . ජනාධිපති

Helarata

Leave a Comment

Translate »