හෙළරට - දේශිය පුවත්

කොණ්ඩේ කැපුවත් රැවුල කැපිම තහනම්…

රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු කොරෝනා වෛරසය පැතිරයැමේ අවදානම වැඩි නිසා ඒවාට දැඩි සෞඛ්‍ය උපදෙස් ලබාදි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.


එසේම බාබාර් සාප්පු රූපලාවන්‍යාගාර විවෘත කිරිමට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සහතිකයක් ලබාගැනිම අනිවාර්ය බවද හෙතෙම කියයි.


එසේම සේවා සපයා ගැනිමට ආ අයට පුවත්පත් සගරා ආදිය කියවිමට ඉඩහැරිමෙන්ද වළකින ලෙසද ඉල්ලිමක් කෙරේ.


එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාරවලදී කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාවල නියපොතු සාත්තුව, අත් සහ පාවලරෝම ඉවත් කිරීම යන සේවා පමණක් ලබාදිය යුතු වෙයි. බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතුය.


රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.


සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුය. එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතුය. රූපලාවණ්‍යාගාරවලදී සේවය
සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුය.

සේවාසපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුය. සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක
තැබීම තහනම් වෙයි. සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතු වෙයි.


සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය. අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුය. සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුය. සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. ​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය. සේවකයන්ගේ ශරීර
උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.


බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි. මෙම උපදෙස් උල්ලංඝනය කරන සේවා ස්ථානවලට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන බවද එම චක්‍රලේඛයේ සදහන්වේ.

Related posts

පුස්කාපු පාර්ලිමේන්තුවක් යළි ගෙනත් වැඩක් නැහැ – අගමැති

Helarata

ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කළත් රැස්වීම් පැවැත්වීම තහනම්…

Helarata

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 12000 ඉක්මවා යයි

Helarata

Leave a Comment

Translate »