හෙළරට - දේශිය පුවත්

කොවිඩ් සමනයට බලවේගයක් මහා සංඝරත්නය විසිනුත් ඇති කළ යුතුයි..

කොවිඩ් සමනයට බලවේගයක් මහා සංඝරත්නය විසිනුත් ඇති කළ යුතුයි -එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජ්වර පිරිතට එක් වෙමින් පවසති.

ජනක හෙට්ටිආරච්චි

වෙසක් සතියට සමගාමීව කොවිඩ් වසංගතයෙන් ජනතාවට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කරනු වස් දිවයින පුරා විහාරස්ථාන වල ජ්වර පිරිත් සජ්ජායනය කෙරිණ.එහි සමාරම්භක අවස්ථාව වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් පැවත්විණ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය සමග පසුගියදා පැවති සාකච්ජාවෙිදි කළ විශේෂ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම කටයුත්ත සංවිධානය කොට තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය ඇතිව මෙම පින්කම සංවිධානය කෙරිණ.


මෙහිදී කෙටි අනුශාසනාවක් කළ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ

” කොවිඩ් වසංගතයෙන් ලොවම ඇලලී තිබෙන අවස්ථාවේ ශ්‍රී ලාංකික ජනතාව ගේ ජීවිත ආරක්ෂා ව සහ ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන තිබෙනවා.එම පිරිස සහ රෝගී වූ සැමට ආශිර්වාද පිණිස රෝගී තත්වයන් සමනය කිරීම පිණිස බලවේගයක් මහා සඝරත්නය විසින්ද ඇති කල යුතුයි .

මෙම අවස්ථාව ට මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරාධිපති , අචාර්ය හෝමාගම ධම්මානන්ද කලුතර දිශාවේ සංඝ නායක හිමි, ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන පානදුර තොටමුණුබද රයිගම් කෝරලයේ ප්‍රධාන සංඝ නායක හිමි ඇතුලු මහා සංඝරත්නය සහභාගී වූහ.

Related posts

කුඩු විකුණු පොලිසියේ 12ක් අත්අඩංගුවට …

Helarata

හම්බන්තොටට විශ්ව විද්‍යාලයක්..

Helarata

ආර්ථිකය නැංවිමට මහබැංකුවෙන් නව ණය සහන වැඩසටහනක්…

Helarata

Leave a Comment

Translate »