හෙළරට - ප්‍රාදේශීය පුවත්

බුලත්සිංහල වෙසක් දා කුකුල් කොටුවේ කසිප්පු පෙරයි..


 ජනක  හෙට්ටිආරච්චි 


බුලත්සිංහල නීති විරෝධී  මත්පැන් පෙරීමේ මධ්‍යස්ථානයක් වටලා වෙසක් දිනවල පෙරීමට සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 848.25 ක් සමග සැකකරුවන් පස් දෙනකු අද ( 7 ) වෙසක් පොහෝ දින අත්අඩගුවට ගත් බව කලුතර කොට්ටාශ දූෂණ වැටලීම් ඒකකය පවසයි.

කුකුල් කොටුවක් ආසන්නයේ පවත්වා ගෙන ගොස් ඇති එම ස්ථානයේ තිබී බැරල් 5 ක බහා පෙරීමට සූදානම් කර තිබූ  ගෝඩා සහ  ගැස්ලිපක්, තඹ දගරයක්  ඇතුළු පෙරීමේ උපකරණ ද සොයා ගැනුණ බව එම ඒකකය පවසයි.


අත්අඩංගුවට පත් සැකකරුවන්  බුලත්සිංහල  පදිංචි කරුවන් බව පොලිසිය කියයි  . 


කලුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා ගේ අධීක්ෂණයෙන් , කලුතර කොට්ඨාශ පොලිස් අධිකාරී කපිල පේමදාස මහතාගේ උපදෙස් පරිදි කලුතර කොට්ටාශ දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප චතුරංග කස්තුරිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ,  පො.සැ 26049 සමරකෝන් , 4298 කුමාරසිරි , 35202 සමන්ත , 48256 ජයරත්න , පො.කො 79731 ප්‍රියන්ත , 67757 දේශප්‍රිය , පො.කො.රි 34958 පෙරේරා යන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

තංගල්ලට අලුත් රෝහලක්!….

Helarata

කෑගල්ලේ මහමැතිවණයට සියලු කටයුතු සූදානම්…

Helarata

රත්නපුරට රතු නිවේදන…

Helarata

Leave a Comment

Translate »