හෙළරට - විදෙස් පුවත්

ඉන්දීය දුම්රිය පාරේ කම්කරුවන් 16ක් දුම්රියට යටවෙලා.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රන්ගාබාද් හි සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයන් මතින් දුම්රිය ගමන් කර ඇතැයි බලධාරීහු පවසති. 
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගුලු දමා ඇති ඉන්දියාවේ නගර වල සේවය කරන කම්කරුවන් බොහෝ දෙනකු දුම්රිය මාර්ග ඔස්සේ පයින්ම තම ගම්බිම් කරා ගමන් කරන බවත් එලෙස ගමන් කිරීමේදී වෙහෙසට පත් පිරිසක් දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මියගිය කම්කරුවන් පිරිස සැතපුම් 22ක් පමණ ඇවිදීමෙන් පසු විවේක ගැනීමට තීරණය කර ඇති අතර දුම්රිය ධාවනය නොවන බවට උපකල්පනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළවී ඇත.

නගර වසා දැමීම හේතුවෙන් බොහෝ කම්කරුවන්ට ආහාර පාන මිලදී ගැනීමේ ගැටලු ඇතිවී තිබෙන බවත් ඔවුන් ගම්බිම් කරා ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් පැවසේ.

Related posts

ඇමෙරිකාවේ මරණ 80,000 ට වඩා වැඩිවෙයි.

Helarata

ඉරානය තමන්ගේ නැවකට ගහලා.. (Photo)

Helarata

සටන් ජයගත්තත් යුද්ධය ජය ගෙන නැහැ…

Helarata

Leave a Comment

Translate »