හෙළරට - දේශිය පුවත්

කොරෝනා වලින් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි..

කොරෝනා වෛරසයෙන් මියයන සහ රෝහල් ගතවන පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහා රක්ෂණ ආයතන 03කට රක්ෂණ නියාමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබේ.

රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු සඳහන් කළේ ජංගම දුරකතන සේවා සපයන සමාගම් හරහා රක්ෂණ ඔප්පු ලබාදීමටද මෙම සමාගම් පියවර ගනිමින් සිටින බවයි.

තවද කොරෝනා වසංගතය හේතුවෙන් වාරික ගෙවීමට නොහැකි වූ ජීවිත සහ රථවාහන රක්ෂණ ඔප්පු හිමියන්ට අදාළ වාරිකය ගෙවීමට නියමිත දිනයේ සිට මාස 03ක සහන කාලයක් ලබාදී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

ඇදිරි නීති බලපත්‍රය 30 වන දින දක්වා දීර්ඝ කෙරේ .

Helarata

කොරෝනා අරමුදලේ ශේෂය මිලියන 737 ඉක්මවයි

Helarata

කට ඇරගෙන ගියොත් වීඩියෝ වෙයි…

Helarata

Leave a Comment

Translate »