හෙළරට - දේශිය පුවත්

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ ගණන 5728 ක්..

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒසේම ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4931 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

නාවික හමුදාව 8වනදා වෙනවිට කෝවිඩ් වෛරසය ආසාදනය වි සිටින රණවිරුවන් ගණන 390ක් වන අතර බහුතරයක් කඳවුර තුළින් ආසාදිත වු පිරිස් වේ. ඒ අතරින් වැලිසර නාවික කඳවුරෙන් 308 දෙනෙකු වන අතර කදවුරෙන් පිටත 32 දෙනෙකු වෙයි.

ඡායාරූප අනුග්‍රහය; Army.lk

Related posts

ජන්දපොළට අලි එනවාට වනජිවි ආරක්ෂාව…

Helarata

ඇතැමුන්ගේ නින්දිත හැසිරිම වහා වෙනස්විය යුතුයි

Helarata

සාජා හි සුපිරි නිවාස සංකීර්ණයක ගින්නක්..

Helarata

Leave a Comment

Translate »