හෙළරට - දේශිය පුවත් හෙළරට - විදෙස් පුවත්

මැලේසියාවේදි වෙළඳසලක් කොල්ලකැ ලාංකිකයාට සිර දඬුවම්..

සුපිරි වෙළෙඳසලක් කොල්ලකෑමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයකුට
මැලේසියානු අධිකරණයක් විසින් මාස 08ක සිර දඬුවමක් නියම කර ඇත.

ක්වාලාලම්පූර් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ පුද්ගලයාට දඬුවම් නියම කර ඇත්තේ සුපිරි වෙළෙඳසලකින් මැලේසියානු රින්ගිට් 353.70ක් (රු. 15,500ක්) වටිනා භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙනි.

කුමරන් නමැති 25 හැවිරිදි චූදිත ශ්‍රී ලාංකිකයා සමග මෙම සොරකමට 22 හැවිරිදි චින්නා මරුතුනම් ඉන්දියානු ජාතිකයකුද එක්ව ඇත. දඬුවම් ලැබූ ඔවුන් දෙදෙනාම රැකියාවක් නොමැති පුද්ගලයන් බව ‘බේර්නාමා පුවත්’ වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් 29 වැනිදා මෙම පුද්ගලයන් දෙදෙනා ‘ටමාන් උස්හවාන්හි’ කේ. කේ.
නමැති සුපිරි වෙළෙඳසලක් කොල්ලකා දුම්වැටි, ෂැම්පු සහ රසකැවිලි ඇතුළු භාණ්ඩ සොරාගෙන ඇත.

Related posts

මහජන දුක අහන්න ජනපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්….

Helarata

ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සෙනසුරාදාත්….

Helarata

පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි විපක්ෂයේ නායකයෝ ඉල්ලති…

Helarata

Leave a Comment

Translate »