හෙළරට - දේශිය පුවත්

මැතිවරණයට අභියෝගය කරමින් වෙල්ගම සහ පාඨලීගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ පාඨලී චම්පික රණවක මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ..

ඒ නව ලංකා නිදහස් පක්ෂය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂ නියෝජනය කරමිනි.

මේ අනුව මෙම කරුණට අදාළව ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ

පාර්ලිමේන්තු මහා මැතිවරණය ජූනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත..

පළමුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකල නීතීඥ චරිත ගුණරත්න මහතාගේ පෙත්සම ලබන සඳුදා කැඳවීමට නියමිතයි

Related posts

හෙට (20) දින සිට මුහුදු බඩ දුම්රිය කාල සටහන – බෙලි අත්ත – මරදාන අතර

Helarata

දරුවන්ගේ ආතතිය නැතිකරන්න පියවර…

Helarata

නාමයෝජනා දීමෙන් පසු අස්වී වැඩක් නැහැ…..

Helarata

Leave a Comment

Translate »