හෙළරට - දේශිය පුවත්

ලාංකිකයන් රැගෙන එන්න ඕස්ට්‍රෙිලියාවට ගුවන් යානයක්..

ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා 9 දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන එම විශේෂ ගුවන් යානය අද 09 දින උදෑසන 7.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත .

මෙම ගුවන් යානය හෙට 10 දින අලුයම 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

Related posts

මහජන පුස්තකාලය ජුනි 8 විවෘත කරයි….

Helarata

පෙළපාලි සතියකට තහනම්..

Helarata

සා.පෙළ ප්‍රතිඵල එයි…

Helarata

Leave a Comment

Translate »