හෙළරට - දේශිය පුවත්

ශ්‍රි ලංකා කුවේට් විදේශ ඇමැතිවරු ශ්‍රමිකයන් ගැන සාකච්ජාවක..

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කුවේටයේ විදේශ අමාත්‍ය ෂීක් ආචාර්ය අහමද් නසර් අල්-මොහමඩ් අල්-සබහ් මහතා අමතමින් එරට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතරින් මව්බිමට පැමිණීමට ලේඛණගතව සිටින පිරිස සුරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම මැයි මසදී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

එසේම අනෙක් අයටද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීම සමඟ එලෙසම නැවත මව්බිමට සුරක්ෂිතව පැමිණීමට හැකිවේ.

මෙම ක්‍රියාවලිය සතිපතා අමාත්‍ය දෙපළ විසින් සමාලෝචනය කරනු ඇත.

තවදුරටත් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වෙත දක්වන සහයෝගය වෙනුවෙන් කුවේට රජයටත්, එරට විදේශ කටයුතු අමාත්‍යවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් විශේෂ ස්තුතියක් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් පිරිනැමිය.

Related posts

අ.පො.ස උසස් පෙල නියමිත පරිදි අගෝස්තු මාසයේ..

Helarata

කොරෝනා ආසාධිතයන් 10 දෙනාගෙන් තොරතුරු හෙළිවෙයි…

Helarata

හෙට (20) දින සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය. මහනුවර -රඹුක්කන – කොටුව.

Helarata

Leave a Comment

Translate »