හෙළරට - දේශිය පුවත්

කොරෝනා වසංගතය ඇතැම් වෙළෙදුන්ට වසන්තයක් වුණා

කොරෝනා වසංගතය ඇතැම් වෙළෙදුන්ට වසන්තයක් වුණා සහල් කිලෝ පන්දහසක් බෙදාදෙමින් කදුරුදූවේ සුගතවංශ නාහිමියෝ කියති

ජනක   හෙට්ටිආරච්චි

ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට සංකල්පය අර්ථවත් කරමින් ගොදුරු ගමේ සියලුම දායක පවුල් වෙත සහල් බෙදා දීම 10වාද්දුව ගෝනදුව උත්තරචේතියාරාම විහාරස්ථානයේදී සිදු විය.විහාරාධිපති , මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක , ශාස්ත්‍රපති කදුරුදුවේ සුගතවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උතුම් කටයුත්ත සිදු කෙරිණ.උන්වහන්සේ දශක කිහිපයක් තිස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් සිදු කරන ශාසනික හා සමාජයීය මෙහෙවර අගයනු වස් ගෝමරන්කඩවල සුරුලු මහා මුනියා රජමහ විහාරාධිපති ගල්කඩවල සුමනසාර හිමියන්ගේ අනුශාසනා පරිදි එම ගම්මානයේ දායක පිරිස් පරිත්‍යාග කල සහල් කිලෝ පන්දහසක් පමණ මෙසේ කුඩා ගෝනදුව ගම්මානයේ ජනතාව වෙත බෙදා දෙනු ලැබිණ.

මෙහිදී කෙටි අනුශාසනාවක් කල දුවේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රකට කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක , කර්මවාගාචාර්ය , ත්‍රිපිටකාචාර්ය , ශාස්ත්‍රපති කදුරුදුවේ සුගතවංස නාහිමියෝ

“සමස්ත ලෝකවාසින්ම දැඩි ජිවිත අවධානමකට මුහුණ දී සිටින මොහොතක්.ඒ වගේමයි සාමාන්‍ය ජන ජීවිතය යම් පරිවර්තනයකට ලක් වී ඇති මොහොතක්.අද මුදල් තිබුනත් භාණ්ඩ මිල දී ගැනීම ඇතැම් විට අපහසුයි.සමහර වෙළඳුන් හරිම අසාධාරණ විදියට මුදල්  හම්බ කල පුවත් අපිට අසන්නට ලැබුණා.කොරෝනා වෛරසයත් මුදල් හම්බ කරන්න යොදා ගත් ඇතැමුන් සිටි බව අසන්නට ලැබුණා.එහෙම කරන්න එපා.මේ ලෝක වශයෙන් එහෙම හම්බ කර ගන්න ලැබෙයි.පරලොව දුගතිය තමයි හිමි වන්නේ.බණ පොතේ එහෙම සඳහන් වෙනවා.මේ කටයුත්තට අපට අතිශයින් සහය දැක්වූ ගෝමරන්කඩවල සුරුලු මහා මුනියා රජමහ විහාරාධිපති ගල්කඩවල සුමනසාර හිමියන් ඇතුළු එම ගමේ දායක සැමටත් සහය දැක්වූ අප සෑම දෙනාටත් පිං අනුමෝදන් කරනවා” යැයි පැවසුහ.

මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා

සිංහල බෞද්ධයින්ගේ ඉතාම සුවිශේෂී ලක්ෂණය මෙයයි.මේ වගේ ව්‍යසනයක් අවස්ථාවේදීත් තවත් කෙනෙකුගේ කුසගින්න නිවන්න, තවත් කෙනෙකුට පිහිට වන රටක් ඉතා විරලයි.මේ පුරුද්ද අපිට ඇති වෙලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය හා හැදියාව නිසයි.පළාතක් වශයෙන් මේ වසංගතයට වැඩිපුරම මුහුණ පෑවේ මේ බස්නාහිර පළාතයි.බස්නාහිර පළාතේ නිවාස පන්දහස් හයසිය හැත්තෑ දෙකක් අද දවස වන විටත් නිරෝධායන මට්ටමේ තියෙන්නේ.හෙට වැදගත් දවසක්.බස්නාහිර පළාත සාමාන්‍ය ජනජීවිතය හෙට ආරම්භ වෙනවා.හෙට දවසේ ආරම්භ වන අලුත් කාලපරිච්චේදය තුල ඉතාම වගකීමෙන් කටයුතු කිරීම අප සැමගේ කාර්යභාරයක්.මුඛ ආවරණ පැලදීම , සමාජ දුරස්ථභාවය වැනි හොඳ පුරුදු හෙට දවසේ සිට කිසිසේත් අමතක කරන්නට එපා.හෙටින් පස්සේ මේ වගකීම වැඩියි.

අද මේ කරන පරිත්‍යගය තුල ලොකු අර්ථයක් තිබෙනවා.අපේ සුගතවංශ නායක හාමුදුරුවෝ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ජනතාවට කල සේවාවට කෘත ගුණ දැක්වීමක් වශයෙන් තමයි ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මේ සහල් පරිත්‍යග කරලා තියෙන්නේ.මේ සියල්ලගෙන්ම යලි යලිත් පැහැදිලි වෙන්නේ අපේ බෞද්ධ කම.අපේ සංස්කෘතියයි.

මෙම අවස්ථාවට ගෝනදුවේ අනෝමදස්සී නාහිමියන් , පොරේගෙදර සුමනවංස නාහිමියන් , වලපනේ රතනවංස හිමියන් , කොබවක සුඛිතවංස හිමියන් , හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන , ජයන්ත සමරවීර මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Related posts

A සාමාර්ථලාභින් 10,346

Helarata

බස් ධාවනයට කඩිනමින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරිමට උපදෙස්..

Helarata

පොළවල් අවන්හල් තවදුරටත් වැසේ…

Helarata

2 comments

rajarata appachchi May 10, 2020 at 6:22 pm

පිං සිදුවෙනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට. මේ වෙලාවෙ මේ වසංගතය පාලනය කරන්න අපමන වෙහෙසක් දරන රටේ ජනාධිපති තුමාට හොඳ පාඩම් උගන්වන්න කැස කවන, ගෝඨගෙ එවුන්ට බඩයනකල් පොවාපල්ල කියන උන්නාන්සෙල සිවුරෙ පහකරගෙන සිවුරෙ ගරුත්වය කෙලෙසද්දි ඔබ වහන්සේලාගේ මේ මෙහෙවර ජාතික මෙහෙවරක් ඇත්ත වශයෙන්ම කියන්න ඕනෙ ගෝමරන්කඩවල කිව්වම ( මම දන්න ගෝමරන්කඩවල ) ඉතාම දුෂ්කර ප්‍රදේශයක් කියල තමයි කොළඹ පැත්තෙ ඈයො හිතාන් ඉන්නෙ . ඒකෙ ඇත්තකුත් නැතුවාම නෙමෙයි ඒත් මේ පැතිවල ජනතාව හදවතින් පොහොසත් අය.ජනතාවට බත සපයන ගමන් කොටින්ට බයේ රෑට කැලේ හැංගිලා හිටපු අය. එහෙම හැංගිලත් ගම්මාන පිටින් කොටින්ට බිලිවුනා. එහෙම ජනතාවගෙ මේ පරිත්‍යගය සහල් නැවකට වඩා වටිනවා. එයාලට උපදින ආත්මයක් ගානේ පලදෙන පිනක් මේ. ඉතිං මෑත කාලීනව ජනතාව වෙනුවෙන් ,ජනතාවගෙ බඩගිනන වෙනුවෙන් , නිතරම මහන්සිවුන තන්තිරිමලේ ලොකුහාමුදුරුවෝ, අරලගංවිල ලොකුහාමුදුරුවෝ, සේරුවිල ලොකුහාමුදුරුවෝ, වගේ රටට අමතක නොවන සේවයක්කරපු අපෙ හාමුදුරුවන් වහන්සේ ලාවත් මතක්වෙන කොට ලිත්රෝ උන්නාන්සෙවත් අමතක කරන්න බැහැ

Reply
ananda jayarathna May 10, 2020 at 6:23 pm

Leave a Comment

Translate »