හෙළරට - දේශිය පුවත්

කොරෝනා අනිවාර්යයෙන්ම පරදනවා කියන හැගීමෙන් වැඩකරමු..

නව කොරෝනා වෛරසය රටින් තුරන් කරනවා යන හැගිමෙන් ජනතාව කටයුතු කළ යුතුයැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


රට විවෘත කිරිමෙන් පසු විශාල වගකිමක් ජනතාවට පැවරෙන අතර ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් හා ආරක්ෂක උපදෙස් නිසියාකාරව පිළිපැදිමේ වගකිම ජනතාව සතුයැයිද හමුදාපතිවරයා කිය.


එසේම මේ දක්වා වෛසරය පාලනය කරගැනිමට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ වගේම ජනතාවද විශාල කැපවිමක් කළ බවද හමුදාපතිවරයා පැවසිය.


ජනතාව මෙන්ම සියළු අංශ කළ කැපවිම්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවත් එය සහමුලින්ම තුරන් කිරිමට සැම අදිටන් කරගතයුතු යැයිද හෙතෙම කිය.


රට විවෘත කළ පසු ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදි ඇත.

Related posts

Malaika Arora: I Have Evolved A Lot In Terms of Fashion

Helarata

ඇමැති තොණ්ඩමන්ට මැතිසබයේ අවසන් ගෞරව…

Helarata

රවි ආණ්ඩුවට හොඳ කියයි.එන්නත් සුදානම් බව කියයි..

Helarata

Leave a Comment

Translate »