හෙළරට - දේශිය පුවත්

කොළඹ විෂබීජ ඉවත්කරයි.. (Photo)

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මැයි මස 11 වන දින සිට විශේෂ ක්‍රමවේදයක් යටතේ ව්‍යාපාරික කටයුතු හා දෛනික කටයුතු ආරම්භ කෙරෙන කොළඹ නගරයේ ස්ථාන විෂබීජ ගහරණය කරන ලදි.

පිටකොටුව ප්‍රධාන වීදිය , කෙයිසර් වීදිය , කුමාර වීදිය හා පළමු , දෙවන , තෙවන හරස් වීදි නැවත වරක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් රසායනික දියර යෙදූ ජල බවුසර් සහ පොලිස් ජල ප්‍රහාරක රථ යොදාගනිමින් විශබීජහරණය කරන ලදී.

මේ වන විට කොළඹ නගරයේ මැනිං වෙළදපොල , ම්‍යධම බස් නැවතුම්පොළ , බැස්ටියන් මාවත හා ගුණසිංහ පුර පුද්ගලික බස් නැවතුම්පොළ, පිටකොටුව දුම්රිය ස්ථානය ඇතුළු සියළුම පොදු ස්ථාන විශබීජහරණය කර අවසන් කර ඇති අතර රජයේ ආයතන හා පුද්ගලික ආයතනද විශබීජහරණය කිරීම් බොහෝ දුරට අවසන් කර තිබේ.

Related posts

සිහිනෙන් දකින දේ චක්‍රලේඛවලින් නිකුත් කරනවා

Helarata

අරාබි තානාපති කාර්යාලය තාවකාලිකව වසයි…

Helarata

Apple 12.9-inch iPad Pro and Microsoft Surface Pro Comparison

Helarata

Leave a Comment

Translate »