හෙළරට - දේශිය පුවත්

දුම්රිය මැදිරි 1000 ක් ප්‍රතිසංස්කරණයට පියවර…

ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් වසර 25ක් තිස්සේ භාවිතයෙන් පසු ඉවත් කරන ලද දුම්රිය මැදිරි 1000ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නියමු වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

විශේෂයෙන් දුම්රිය මැදිරි අලුතින් ආනයනය නොකර, භාවිතයෙන් අනතුරුව ඉවත් කර ඇති එහෙත් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව හොඳින් ප්‍රවාහන සේවාවන් සඳහා යොදා ගත හැකි දුම්රිය මැඳිරි ගණනාවක් මේ වන විට රත්මලාන ඇතුලු දුම්රිය අංගනවල ගාල් කර තිබේ.

මේ සම්බන්ධව දුම්රිය සේවක මණ්ඩල සමග කරන ලද සාකච්ඡාවක දී එම සේවක මණ්ඩල විසින් පෙන්වා දුන්නේ භාවිතයට ගත හැකි දුම්රිය මැඳිරි 1000ක් පමණ වසර ගණනාවක් තිස්සේ දිරාපත්වීමට ඉඩහැර තිබීම ජාතික අපරාධයක් බවයි. එමනිසා මෙම දුම්රිය මැඳිරි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය තරම් සේවක මණ්ඩල සිටින නිසා වහාම එසේ භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැඳිරි 1000ක් වහාම ප්‍රතිසංස්කරණය කිරීම අරඹන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.

දුම්රිය මැඳිරි බහුල වශයෙන් ආනයනය කරනු ලබන්නේ චීනය හා ඉන්දියාවෙනි. එහෙත් මෙම භාවිතයෙන් ඉවත් කර ඇති මැඳිරිවලින් බහුතරයක් ජපාන ආධාර යටතේ මෙරටට පරිත්‍යාග කරන ලද ඒ්වා වන අතර ඒ්වා වසර 25ක් තරම් කාලයක් කිසිදු අලුත්වැඩියාවකින් තොරව භාවිතා කරන ලද මැඳිරි වේ.

දුම්රිය මැඳිරි ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී අඩු ලන්සු ඉදිරිපත් කර ආයතන කෙරෙහි අවධානය යොමු කරන බැවින් ජපානයේ නිෂ්පාදිත දුම්රිය මැඳිරි මිල දී ගැනීමට නොහැකි වීම අඩුපාඩුවක් බව ඇමති මහින්ද අමරවීර මහතා කීය.

ඒහෙත් ජපානයේ නිෂ්පාදිත දුම්රිය මැඳිරි මිල දී ගත හැකිනම් කිසිදු අලුත්වැඩියාවකින් තොරව වසර 25කට වැඩි කාලයක් ඒ්වා භාවිතා කළ හැකි වේ. මෙම නියාමණ වයාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති අතර , ඒ් සම්බන්ධව සොයා බැලීම සඳහා ඇමතිවරයා රත්මලාන දුම්රිය වැඩ පොළෙහි නිරික්ෂණ චාරිකාවක පසුගියදා නිරත විය.

මහජන මුදල් අයථා පරිහරණය වළක්වමින් විදේශ රටවල් කරා ඇදි යනි විශාල මුදල් සම්භාරයක් මේ නිසා රජයට ඉතිරි කර දීම තම අරමුණ බව කී ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ සේවක පිරිසක් සිටිය දී මෙම දුම්රිය මැඳිරි දිරාපත්වන්නට ඉඩ හැරීම ජාතික අපරාධයක් බවත් සඳහන් කළේය.

Related posts

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තරකරයි

Helarata

එජාපයෙන් තරුණයන්ට තැන..

Helarata

මහනුවර කම්පනයක්…

Helarata

Leave a Comment

Translate »