හෙළරට - දේශිය පුවත්

පොළවල් අවන්හල් තවදුරටත් වැසේ…

සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන  මධ්‍යස්ථාන, සමාජ ශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් (11) විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්ණායකවලට අනුව පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන හෙට දින විවෘත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති වැඩිදුරටත් සඳහන් කළේය.

නිරෝධායන ප්‍රතිපත්ති වලට අනුකූලව නිරෝධායන රීතීන් වලට ගරු කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, ආර්ථිකය ගොඩනැංවීම හා ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන කාරණා මත මෙම තත්ත්වය ගොඩනංවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Related posts

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්..

Helarata

පළගැටියා මට්ටු කරන්න සුදානම්..

Helarata

සේවය ­හැර ගිය පොලිස් නිලධාරින් යළි සේව­යට….

Helarata

Leave a Comment

Translate »