හෙළරට - දේශිය පුවත්

රටවල් 137 සංචාරකයන් 11,000ක් මෙරට සිරවෙලා..

සංචාර සඳහා මෙරටට පැමිණ සිටි විදේශිකයන්ට කොවිඩි 19 වසංගතය හේතුවෙන් සිය රටවල් බලා යාමට
නොහැකිව ශ්‍රී ලංකාව තුළ මේවන විට එකොළොස් දහසක් පමණ සිරවී සිටින බව කියවේ.


සංචාරක මණ්ඩලයේ දත්ත අනුව රටවල් 137ක විදේශිකයින් පිරිසක් මෙසේ රට තුළ සිරවී සිටිති. ඒ අනුව ඉන්දියාව, චීනය,
බ්‍රිතාන්‍ය, කැනඩාව, රුසියාව, මාලදිවයින, අැමරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදි රටවලින් පැමිණි විදේශිකයන් වැඩිවශයෙන් සිර වී සිටිති.

විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන එමට පියාසර කරන ගුවන් යානා මගින් එම රටවල මෙරට සිටින සංචාරකයින්ට ආපසු යාමේ අවස්ථාව ගුවන්
තොටුපළ බලධාරින් ලබා දී ඇතත් එම රටවල් ඔවුන් භාර ගැනීම අනුව එම කටයුතු සිදුවන බවද දැනගන්නට ඇත.

Related posts

This Friendship Day #LookUp To Celebrate Real Conversations

Helarata

සිසුන්ට රු: මිලියන 80ක පෝෂණ මල්ලක්..

Helarata

වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්..

Helarata

Leave a Comment

Translate »