හෙළරට - දේශිය පුවත්

වැඩට යන අයට ලංගම බස් -දුම්රිය ප්‍රමාණවත් …

රට විවෘත කිරිමෙන් පසු සේවාවන්වලට යන රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික අංශයේ තෝරාගත් පිරිසට ප්‍රවාහන පහසුකම් දීමට දුම්රිය හා ලංගම සේවා ප්‍රමාණවත් බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.


බොහෝ ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කළත් කොරෝනා වසංගත අවදානම පවතින බව සෞඛ්‍ය අංශ දැනුම්දි තිබෙන බැවින් කාර්යාලවලට හා වැඩබිම්වලට පැමිණෙන්නේ සේවාවන්ට අත්‍යාවශ්‍ය අයවළුන් පමණක් නිසා එම අයට ප්‍රවාහන පහසුකම් සැලසිය හැකියැයිද ඇමැතිවරයා කියයි.


ඒ අනුව පෞද්ගලික බස් හිමියන් බස් ධාවනයට ඉල්ලා සිටින සහන ලබාදිම ගැන අවධානය යොමු කිරිම මේ මොාහාතේ අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීය.


මේ අතර අධි අවදානම් සහිත කලාපවල ප්‍රවාහන පහසුකම් සැලසිමට නම් ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතුයැයි පෞද්ගලික බස් සංගම් ඉල්ලා සිටි.

Related posts

මෛත්‍රීගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්..

Helarata

රට ඉන්න අපේ 23ක් කොරෝනාවෙන් මියගිහින්…

Helarata

මන්ත්‍රී සමඟ දෙන්නයි…

Helarata

Leave a Comment

Translate »