හෙළරට - විදෙස් පුවත්

තිරුපති දෙවියන්ට කොරෝනා යකාගෙන් බාධා..

ලොව ධනවත්ම හින්දු කෝවිල ලෙස සැලකෙන ඉන්දියාවේ තිරුපතිහි සේවකයන් 1300කට නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන ලෙස එහි පාලනාධිකාරිය දැනුම් දී ඇත.


පසුගිය මැයි 01දා සිට මෙලෙස සේවයට වාර්තා නොකරන ලෙස දැනුම් දී ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සනීපාරක්ෂක සේවකයන් පිරිසකටය.

අන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි තිරුපති බාලාජී කෝවිල කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාසයේදී වන්දනාකරුවන්ට වසා දැමිණි.

එහි පිරිසුදු කිරීමේ කටයුතු භාරදී ඇත්තේ පෞද්ගලික මිනිස් බලඝනය (Man Power) සැපයුම් සමාගමකටය. මුම්බායි මිරර් පුවත් සේවය වාර්තා කරනආකාරයට අදාළ සමාගමට කෝවිලේ පාලනාධිකාරිය දැනුම් දී ඇත්තේ 2020 අප්‍රේල් 30 වැනිදායින් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත් අලුත් නොකරන බවයි.

මේ අතර තිරුපති කෝවිලේනිත්‍ය සේවකයන්ටද කෝවිඩ් 19 හේතුවෙන් ඉන්දියාවම අගුළු දැමූ දිනයේ සිට රාජකාරි පැවරීමක් සිදුව නැත.

වර්තමාන මූල්‍ය වර්ෂය සඳහා සකස් කර ඇති අයවැය ලේඛනයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 3309ක් වේ. කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය මධ්‍යයේ වුවද සිය රැකියා අහිමි නොකරන ලෙස සේවක පිරිස්කෝවිලේ පරිපාලනයෙන් ඉල්ලීමක්කර ඇති නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි මුම්බායි මිරර් වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

වසර 200කට පසු මැනුවෙල් මුහුදෙන් මතුවේ

Helarata

කොරෝනාවෙන් ඔස්ට්‍රෙිලියාවේ ලක්ෂ 6කට රැකියා අහිමිවෙලා…

Helarata

The Vesak Ceramany of the Mahindaramaya Temple at Penang in Malaysia was Very charming.

Helarata

Leave a Comment

Translate »