හෙළරට - දේශිය පුවත්

රට ඇරියත් අනවශ්‍ය ගමන් එපා…

විවෘත කිරීමෙන් පසු අනවශ්‍ය ලෙස නගරවලට එක්රැස් වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

කොවිඩ් – 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (10වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවැසුවාය.

‘‘හෙට දින රට විවෘත කිරීමෙන් රජය කාරණා
2 ක් බලාපොරොත්තු වනවා. පළමු කාරණය ආර්ථිකය යළි පණගැන්වීම සඳහා පුද්ගලික අංශය විවෘත කිරීම.


දෙවැන්න ආර්ථිකය පණගැන්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. අද දින ජනතාව අනවශ්‍ය කාරණා සඳහා නගරවලට පැමිණීම අපි බලාපොරොත්තු වන්නේ නැහැ.

බණ්ඩාරනායක, සුදුවැල්ල අවදානම් කලාපයේ හා ඒ අවට කිසිදු තැනක සබැඳි ආසාදිතයන් වාර්තාවන්නේ නැහැ. පසුගිය සතිය පුරා ප්‍රජාව තුළින් රෝගීන් මතුවීම පෙනෙන්නට නැහැ. විශේෂයෙන් වැලිසර නාවික හමුදාවේ එම කඳවුරෙන් සහ එම කඳවුරට සම්බන්ධ ළඟම ආශ්‍රිතයන්ගෙන් හැරෙන්නට සමාජය තුළින් රෝගීන් මතුවීමක් දකින්නට ලැබෙන්නට නැහැ.

Related posts

රටත් ජනතාවත් සුවපත් වේවායි අදිටන් කරගමු – ජනාධිපති

Helarata

කොරෝනා පාලනයට එක් උපදේශයක් අවශ්‍යයි…

Helarata

The Sri Lankan Prime Minister expresses his regrets over the demise of The Chief Prelate as a loss of a friendly monk to himself.

Helarata

Leave a Comment

Translate »