හෙළරට - විදෙස් පුවත්

ඉරානය තමන්ගේ නැවකට ගහලා.. (Photo)

ඉරාන නාවික හමුදාව වැරදීමකින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එරටටම අයත් වෙළෙඳ නෞකාවක් මුහුදුබත්ව නැවියන් රැසක් මියගොස් තිබේ. විදෙස් පුවත් සේවා සඳහන් කරන ආකාරයට ඉරාන නාවික හමුදාවට අයත් ජර්මන් නම් යුද නෞකාව අත්හදා බැලීමක් සිදු කරමින් සිටියදී ඉලක්කය මගහැරුණු මිසයිලයක් මෙලෙස ‘කොනරක්’ නම් වෙළෙඳ නෞකාවේ ගැටී ඇත.


ඉරාන රජය හෝමුස් සමුද්‍ර සන්ධිය අතර අසල සිදුවූ මෙම සිදුවීම හදිසි අනතුරක් ලෙස හඳුන්වාඇත. නිල නොවන වාර්තා සඳහන් කර ඇති ආකාරයට කොනරක් නෞකාවට නියම කරන ලද ස්ථානයකට යෑමට කාලයක් ලබා නොදී ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් මෙහෙයවන ජර්මන් නෞකාව විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි බේරාගත් නැවියන් වෙරළට රැගෙනවිත් ගිලන් රථවලට ඇතුළු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී ද ඉරාන ආරක්ෂක අංශ විසින් වැරදීමකින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් යුක්රේන මගී ගුවන්යානයක් අනතුරට පත්ව එහි සිටි පුද්ගලයන් 176ක් ජිවිතක්ෂයට පත්විය.

Related posts

චීනය අඟහරු ලෝකයට යයි…

Helarata

ගුජරාටි ප්‍රාන්තයට පළගැටි ප්‍රහාරයක්….

Helarata

පිනෑන් නාහිමිගේ ආදාහනය 29 දා මැලේසියාවේ දි…

Helarata

Leave a Comment

Translate »