හෙළරට - දේශිය පුවත්

කතරගම,පත්තිනි , විෂ්ණු, දැඩිමුණ්ඩ දෙවිවරුන්ටත් ඇඳිරිනීතිය බලපාලා….

කතරගම ඇතුළු ගම් රැසක ජනයා දිවි ගෙවනු ලබනුයේ කතරගම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට සේවා හා නවාතැන්, රසකැවිළි, විසිතුරු භාණ්ඩ, පලතුරු ඇතුළු පූජා භාණ්ඩ විකුණා ලැබෙන මුදලින්ය. කොරෝනා වසංගතය නිසා බැතිමතුන් නොපැමිණිමෙන්මේ වනවිට ඔවුන් දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණ පා තිබේ.

වෙනදා දැකීමට තිබූ පූජා වට්ටි පෝලිම් මේ දින වල දැකීමට නොහැකිය. හුදකලා වූ දේවාලයේ සිදු කරන පූජාවන් සඳහා දේවාලය
අවට ජීවත් වන පිරිස් පැමිණ ඝණ්ටාර සොලවා දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටිති. එසේම නවගමුව පත්තිනි දේවාලය ,දෙවිනුවර විෂ්ණු දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ආදි ප්‍රධාන දේවාල රැසක් මේවනවිට අභ්‍යන්තර පූජ කටයුතුවලට පමණක් සීමා කර ඇත.

බැතිමතුන් නොපැමිණිමෙන් එම දේවාල භූමි පාළුවට ගොසිනි.එසේම ඒ ආශ්‍රිතව පුජාවට්ටි,මල් තෙල් හදුන්කුරු ආදිය විකුණිම ජීවනෝපය කරගත් දහස් ගණනක් මේවනවිට දැඩි අපහසුතා රැසකට මුහුණපා සිටිති.


බොහෝවිට මෙවන් ස්ථානවල මල් තෙල් ආදිය විකිණිමේ යෙදෙන්නේ ඉතා අඩු ආදායම්ලාභින්ය. කොරෝනා නිසා ඔවුන්ට දැන් වෙනත් ජීවන මාර්ග සදහා යොමුව්මට සිදුව ඇතැයි දැනගන්නට ඇත.

Related posts

කවසකි දරුවන්ට මාන අල්ලයි…

Helarata

සා.පෙළ. ප්‍රතිඵල අද සවස….

Helarata

කොරෝනා මැයි දිනයට හරස් වෙයි…

Helarata

Leave a Comment

Translate »