හෙළරට - දේශිය පුවත්

ජනතා හැසිරීම අසතුටුයි: සිවිල් ඇඳුමෙන් පොලිසිය යොදනවා..

රට යළි විවෘත කළ දිනයේදි බොහෝ දෙනාගේ හැසිරිම සතුටුදායක නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


කොළඹදි අනවසරයෙන් ගමන්ගත් වාහක තුන්සියයකට වඩා අත්අඩංගුවට ගත්බවත් ඒ සියල්ල අධිකරණට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය.


රට විවෘත කළත් කෝවිඩ් තුරන්වි නැතිබව දැනගෙන කටයුතු කළ යුුතුයි.සේවාවන්ට යන පිරිස්වලට පමණක් වාහනවලින් හා පොදු සේවාවෙන් ගමන් කළ හැකි බව කෙතරම් කීවත් ඇතැම් පිරිස් නිකරුණේ ගමන් බිමන් යෑමට පටන් අරන් තිබුණා.

මේ නිසා මේවැනි පිරිස් අත්අඩංගුවට ගැනිමට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් යොදා තොරතුරු ලබාගන්නවා .අත්අඩංගුවට සෑම වාහනයක්ම නඩුව අවසන්වනතුරු රඳවා ගැනිමට බලාපොරොත්තු වෙනවා යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

Related posts

හැට පනිනතුරු දොස්තරලා වැඩ…

Helarata

පිටරට ලාංකිකයන් අවුස්සන කුමන්ත්‍රණයක් ….

Helarata

Tech News | This Is Everything Google Knows About You

Helarata

Leave a Comment

Translate »