හෙළරට - දේශිය පුවත්

තරුණ ආතතිය දුරුකරන්න මාතර උද්‍යානයක්…

මාතර දිසාවේ තරුණ තරුණියන් වෙනුවෙන් ක්‍රියාත්මක අංග සම්පූර්ණයොවුන් උද්‍යානය ‘‘නිල්වලා තුරුණු උයන’ ’ මාතර එළියකන්දේ දී නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.
අධ්‍යාපන, ක්‍රීඩා, තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේඋපදෙස් පරිදි ජාතික තරුණ සේවා සභාව මෙම කටයුතු කරයි.


යෞවන යෞවනියන්ටපාරිසරික සහ සෞන්දර්ය රසවින්දනාත්මක අත්දැකීම් සහිතව මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යාමටද සිය විවේකී අවස්ථාවන් මැනවින්
කළමනාකරණය කර ගැනීමද මෙම තුරුණු උද්‍යානය භාවිත කිරීමට අවස්ථාව ඇත. මේ සඳහා ජාතික තරුණ සේවා සභාව මගින් වැය කිරීමට අපේක්ෂිත වූ මුදල රුපියල්ලක්ෂ 890කි. මෙම උද්‍යානයේ කියවීම් ශාලා, කායවර්ධන ස්ථාන ක්‍රීඩා සෞන්දර්යාත්මක
රසවින්දන, ආපන ශාලා ඇතුළු විවිධ පහසුකම්වලින් සමන්විතව සැලසුම් කර තිබිණි.


නිල්වලා තුරුණු උයනේ කටයුතු නිල වශයෙන් 2013 ජූලි මස 18 වැනි දින ආරම්භ වුවද පසුව එය අතහැර දැමීමෙන් දැයේ දරුවන්ට මේ උද්‍යානය දායාද කිරීමට නොහැකිව තිබිණි. එබැවින් මේ මධ්‍යස්ථානය යොවුන් උද්‍යානයක් ලෙස සංවර්ධනය කර දැයේ තාරුණ්‍යට තිළිණ කර දෙන්නට
ජාතික තරුණ සේවා සභාව පියවර ගන්නා බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙෂාර ජයසිංහ පැවසීය.

Related posts

සිරකරුවන්⁣ට පුහුණු දෙන්න පෞද්ගලික අංශයේ සහය..

Helarata

සුපිරි වාහන,ගම්මිරිස් , පලතුරු රටින් ගෙන්වීම තහනම්..

Helarata

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට….

Helarata

Leave a Comment

Translate »