හෙළරට - විදෙස් පුවත්

තුර්කියේ කොණ්ඩා කැපිම අරඹයි…

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරමින් සාප්පු සංකීර්ණ සහ බාබර් සාප්පු විවෘත කිරීමට අවසර දීමට තුර්කි රජය පියවර ගෙන ඇත.

කෙසේ නමුත් වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම සඳාහා ආරක්ෂිත සහ සනීපාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදීම අනිවාර්ය කර ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ සීමා හේතුවෙන් තුර්කියේ කඩසාප්පු ආදී සියල්ල මාස දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ වසා දමා තිබිණි.

තුර්කියෙන් 11 පස්වරු 6 වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 138,657ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 3,786ක් ලෙස දැක්විණි.

වෛරසය ව්‍යාප්ත වීමට පැනවූ සීමා ලිහිල් කරමින් රට සාමාන්‍ය තත්ත්වයට හැරවීමට තුර්කි බලධාරීහු මේ වනවිට අවධානය යොමු කර ඇත.

Related posts

ඉන්දියාවේ ට්‍රක් රථ අනතුරින් සංක්‍රමණික කම්කරුවන් 23ක් මරුට…

Helarata

ලොව කොරෝනා ආසාදිතයින් ගේ ගණන ලක්ෂ 15 ඉක්මවයි.

Helarata

ඉන්දියාවේ කොරෝනා සීග්‍රයෙන් ඉහල යයි.. මරණ 249 ආසාදිත 7,600

Helarata

Leave a Comment

Translate »