හෙළරට - දේශිය පුවත්

ශිෂ්‍යත්ව විභාගය කල් දමන්න…

එය පැවැත්වුවහොත් දරුවන්ට ආතතිය වැඩිවේවියැයි නවසිලන්තයේ නාහිමියෝ අධ්‍යාපන ඇමැතිට කියති..

කොරෝනාවෙන් පසු පාසල් ඇරඹිමෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට සුදානම්වන දරුවන්ට මව්පියන් හා ගුරුවරුන් දැඩි පීඩනයක් ගෙනද්ය හැකි බැවින් මෙවර ශිෂ්‍යත්ව විභාගය අහෝසිකිරිමට හෝ කල්දැමිමට පියවර ගැනිම සුදුසු යැයි හිටපු පර්ෂද විදුහල්පතිවරයෙකු වන නවසිලන්තයේ ප්‍රධාන සංඝනායක වල්ගම ශ්‍රි මුනින්දවංශ නාහිමියෝ අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

ඇඳිරිනීතිය පැවතිම නිසා පාසල් නිවාඩු ලබාදි ඇති මේ සමයේදිත් විද්‍යුත් තාක්ෂණ ක්‍රම ඔස්සේ ගුරුවරුන්ට දරුවන්ට දරාගත නොහැකි පාඩම් වැඩ එවිම නිසා දරුවන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවද නාහිමියෝ පෙන්වා දෙති.

මේ නිසා ඉදිරියේදි පාසල් අැරඹු දා සිය ගෙවිගිය කාලයටත් එක්කම ගුරුවරුන් දෙමව්පියන් දරුවන්ට වේගයෙන් ඉගැන්විමට අනිවාර්යයෙන්ම පෙළඹෙන බව පෙන්වා දෙන වල්ගම මුනින්දවංශ නාහිමියෝ එය ශිෂ්‍යත්ව දරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකිවනු ඇතැයිද පෙන්වා දෙති.


එසේම මේ වනවිටත් දරුවන් යම්කිසි පීඩනයකට ලක්ව ඇති මොහොතක ගුරුවරුන් කිසිදු වගවිභාගයකින් තොරව කුඩා දරුවන්ට තාක්ෂණය ඔස්සේ ඔරොත්තු නොදෙන අන්දමේ පාඩම් වැඩ එවිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයිද උන් වහන්සේ පෙන්වා දෙති.


ඇතැම්විට ගුරුවරුන් තමන්ගේ වගකිමෙන් මිදිමට එසේ කරනවායැයි සිතිය හැකියැයිද නාහිමියෝ කියති.


එම නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගය කල්දැමිමට හෝ නොපැවැත්විමට හෝ වෙනත් සුදුසු පියවරක් ගැනිමට අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ අවධානය යොමුවිය යුතුයැයිද නාහිමියෝ කියති.


දරුවන් කෙරෙහි පිය සෙනෙහෙසින් ක්‍රියාකරන ඇමැතිවරයෙකු වන වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවද නාහිමියෝ කියති.

Related posts

රැකියා විරහිත ලක්ෂයකට වෘත්තිය පුහුණුවක්..

Helarata

කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයි..

Helarata

රටවල් 14 ක කම්කරු සුභසාධන අංශ 16 කට ඩොලර් 2500 බැගින්

Helarata

Leave a Comment

Translate »