හෙළරට - දේශිය පුවත්

සබරගමුවට සත්ව ප්‍රතිකාර රෝහලක්…

ජල භීතිකා රෝගය වැලඳීමෙන් වැඩිම පිරිසක්මියගොස් ඇත්තේ රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි සඳහන් කළේය.

දිවයින පුරා සුනඛයන් ලක්ෂ 30 ක් පමණ වාසය කරන බවද ඒ මහතා කීය.

ගොඩකවෙල ප්‍රාදේශීය සභාව මගින්සංවිධානය කළ සුනඛ වන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහනට එක් වෙමින් හෙතෙම එසේ පැවසීය.


දිවයින පුරා අයාලේ යන සුනඛයන් ලක්ෂ 9 සිටින බවත්, එම සුනඛයන් නිසා දිවයිනේ බලු ඝනත්වය වර්ධනය වී ඇති බවද ඔහු කීවේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය එල්. ඩී. කිත්සිරි පැවසුවේ බල්ලන් සපා කෑම හේතුවෙන් පසුගිය වර්ෂයේ පුද්ගල මරණ 26 ක්ද, මෙම වර්ෂය තුළ මේ වන විට පුද්ගලමරණ 8 ක්ද වාර්තා වී ඇති බවය. ජල භීතිකා රෝගය වැලඳී වැඩිම මරණ වාර්තා වී ඇත්තේ රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් බවද කීය. පසුගිය වර්ෂයේ සුනඛයන් හැටදහසක්ද මෙම වර්ෂය තුළ මේ වන විට සුනඛයන් එකොළොස් දහසක්ද වන්ධ්‍යාකරණය කර ඇති බව ද ඒ මහතා පැවසීය.


පසුගිය වර්ෂයේ මෙම වැඩසටහන සඳහා ලක්ෂ 300 ද මෙම වර්ෂයේ මේ වන විට ලක්ෂ 30 ක්ද රජය වැයකර ඇත.

සුනඛවන්ධ්‍යාකරණය සහ ජලභීතිකා එන්නත රජය නොමිලේ ලබාදෙයි. මෙහිදී අදහස්දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කළේ සබරගමුව පළාතේ සත්ත්ව ප්‍රතිකාර රෝහලක් ආරම්භ කරන බවයි.

Related posts

කතෝලිකයන් ආදාහනය කළාට ගැටලුවක් නැහැ..

Helarata

සමෘද්ධිලාභින්ට පොලි රහිත ණයක්….

Helarata

Malaika Arora: I Have Evolved A Lot In Terms of Fashion

Helarata

Leave a Comment

Translate »