කලා කෙත

ඊෂීකෑෂ් පඬුරු යවා වට්ස්ඇප් එකෙන් දෙවියන් වඳිමු…

——ධර්ම ශ්‍රි ගේ සමයං——
ඊෂීකෑෂ් පඬුරු යවා
වට්ස්ඇප් එකෙන් දෙවියන් වඳිමු

කොරෝනාවට කවුරුත් කොරවුණේය.චණ්ඩි නොන්ඩි වුණේය.සරම් උස්සන චණ්ඩිකම් දාපු අයගේ සරම් ගැලවි ගියේය.ට්‍රම්ප් ලොක්කාද බය වුණේය.හැමෝටම මිසයිල ගහපු කොරියාවේ ලොක්කා හැංගුනේය.කාගෙත් කට වැසුණේය.කටමැත දෙඩවු කටවල් වසා ගත්තේය.ඒ මාක්ස් වලින්ය.නොපෙනෙන විෂබීජයට හැමෝම බියවුණේය.හැමෝම සන්සුන් වුණේය.ළිඳ ළඟ සංගම් අත්හිටවුනේය.ඊටත් වඩා යමක් වුණේය.ඒ ටිවි ඒකේ නාට්‍ය නතර කිරිමෙන්ය.ඒකටනම් කොරෝනවට තුති පුදන්න ඔිනේය.

ලෙඩක් වුණොත් දිව්වේ දේවාලයටය.දෙවියන්ට කියා ලෙඩෙ සනිප කර දෙන්නේය.ඒ දින හතකින්ය.එහෙම කියන්නේ කපු උතුමාය.හොරකමක් වුණුවිට දිව්වෙත් දේවාලයටය..හොරෙක් අල්ලා දෙන්න කිව්වේ දෙවියන්ටය.හොරා සතියෙන් දෙපා මුලට
ගේන්නේය.කපුතුමා එහෙමත් කියන්නේය.ඒ දෙවියන්ගේ හාස්කමින්ය.
දෙවියන්ගේ පින් කැටේ හොරු කඩන්නේය.කපුවා යන්නේ පොලිස් දෙවියා ළගටය.ඒ හොරා අල්ලා ගන්නය.කොරෝනා ලෙඩේ ආවේය.මුලින්ම දිව්වේ කපුතුමාය.එ් මාක්ස් දාගෙනය.අතේ මොනර පිලය.වෙන්න යන්නේ ජරමරයක්ය.දෙවියොත් නිරෝධායනය වුණේය.ඒ දේවිය සමග පලා ගිහින්ය.

කොරෝනා අහවර වන්නේය.දෙවියන් දෙවොලට වඩින්නේ පසුවිපරම් කරලාය.ඒ විෂබීජහරණයෙන් පස්සේය.විෂබීජහරණයට බෙහෙත් විදින්නේය.ඒ නගර සභාවේ කම්කරු දෙවියාය.


දෙවියන්ට හැමොගෙම දුක අහන්න වෙන්නේය.ඒත් භයානකය.දෙවියෝ ඉන්නෙත් මාක්ස් දාගෙනය.කපුවා ඉන්නෙත් මාක්ස් දාගෙනය.කපුතුමා පූජා වට්ටියට තවත් දෙයක් හදුන්වා දෙන්නේය.දේවාලේ බෝඩ් එකක්ද ගසන්නේය.ඒ පූජා වට්ටියට මාක්ස් එකක් තැබිය යුත්තේය.ඒ කහවතුරෙන් හෝදලාදැයි දේවාලේ ආවතේවකාරයා ඇසුවේය.පලතුරු වට්ටියේ උඩින්ම මාක්ස් තැබිය යුත්තේය.ඒ දෙවියන්ට දාගන්නදැයි තව එකෙක් ඇසුවේය.දෙවියන් උදහස් වෙන්න පුළුවන්ය.කපුවා ඔරවා බලන්නේය.


සෞඛ්‍ය උපදෙස් නිකුත් වන්නේය.සල්ලි ඇල්ලිම භයානකය.ඒ කොරෝනා නිසාය.සෙනඟ ගැවසිමත් හොඳ නැත්තේය.දේවාලයට සෙනඟ රැස්විම හොඳම නැත්තේය.ඒකටත් පිළියමක් ඇත්තේය.පඩුරු යැවිය යුත්තේ ඊෂි කෑෂ් ක්‍රමයටය.ඒ දෙවියන්ගේ අංකයටදැයි එකෙක් ඇසුවේය.යවන්නේ කපු උතුමාටය.යාතිකා වට්ස්ඇප් වයිබර් ඔස්සේය.යන්න ඔිනේ නැත්තේය.කපුතුමා වට්ස්ඇප් යාතිකාවෙන් ආශිර්වාද කරන්නේය.තිබෙන්නේ එක දෙයක්ය.යාතිකාවෙන් පසු තෙවරක් කැරකැවිය යුත්තේය.ඒ වට්ස්ඇප් ටෙලි⁣ෆෝන් එක හිස වටේ තෙවරක්ය.

ආරූඨයෙන් ශාස්ත්‍ර කියන්නේය.ඒ සමහරුන්ට දෙවියන් වැහිලාය.හැබැයි ඉන්නේ මල පෙරේතියක් වාගේය.ශාස්තර අහන්න යන්නේය.තොට යකෙක් වැහෙන්න එන්නේය.හයියයෙන් එහෙම කියන්නේය.ශාස්තරය අහන්න ගිය කෙනා බය වන්නේය .දින හතක් ඇතුළත පූජා කරපිය කියන්නේය.ඒ මාක්ස් දහයක්ය.කොරෝනා යකාටය.ඒ සමගම පඩුරු තැබිය යුත්තේය .ඒ එක්දහස් දෙසිය පනහයි ශත පනහක්ය.


කාලයක් යන්නේය.කොරෝනා දෙවියෙක් වන්නේය.කවුරුත් අදහන්නේය.පුද පූජා කරන්නේය.පිළිම අඹන්නේය.පිළිමෙටත් මාක්ස් දාන්නේදැයි එකෙක් ඇසුවේය.තිස්තුන් කෝටියක් ඉන්නේය.ඒ දෙවිවරුය.අලුතෙන් එක්වන්නේය.ඒ කොරෝනා දෙවියන්ය.දැන් තිස්තුන් කෝටි එකය.ඒ දෙවිවරුන්ය.


කොරෝනා නිසා විවිධ කෝලම්ද ආවේය.ඒ ටිවි එකෙන් උපදෙස් දෙන්නය.ඒ නිසා අලුතෙන් නැටුමක්ද එන්නේය.ඒ ජසයා ලෙංචිනා වාගේය.ඒකේ නම කොරෝනා කෝලමය.නටන්නේ කොරෝනා දෙවියන් ඉදිරියේය.අවසානයේදි ආසිරි පතන්නේය.ඒ හැමටම කොරෝනා දෙවියන්ගේ පිහිට ලැබේවා කියාය.

Related posts

නවසීලන්තයේ දස්කම් ලොවපුරා ගෙනියන ජයන්ත..

Helarata

තේවාමුරයේ ගීත⁣යට සවන්දීලා බොහෝ අය කඳුළුසලා තිබුණා…

Helarata

—–==හෙළරට==—– පුවත් චිත්‍ර තරගය

Helarata

1 comment

ananda jayarathna May 13, 2020 at 6:53 pm

දෙවිවරු මිණිස්සුන්ට පිහිටවෙන අවස්ථා දෙවිවරුන්ගේ හාස්කම් අසා ඇත්තෙමි. ඒවා විවේචනය කිරීමට හෝ අදහස් දැක්වීමට තරම් මා දැනුමැත්තෙක් නොවෙමි. ඒත් ඉතිං යන්තර මන්තර දේවාරූඩ ආදියෙන් මිනිසුන් මුලාකල මිනිසුන් අතීතයේ සිටම ජීවත්ව ඇත. කොරෝනා උවදුර පැමිණි දිනවලම එය විකුනා කෑමට සූානම්වූඑක්තරා අචාරියෙක් එම දැන්වීම පල කර විනාඩි 10ක් තුල දැන්වීම අකුලා ගන්නා තැනට පේස්බුක් පරිශීලකයෝ රැසක් විසින් පියවර ගතිමු. මෙහි මුල්ම විරෝධය පලකලේ මා විසිනි මෙම දැන්වීම බොහෝ දෙනෙකු දකින්නත් ඇති. එහිවූයේ ‘කොරෝනා වලින් මම ආරක්ෂිතයි ලක්ෂ වාරයක් ජීවාම්කල යන්ත්‍ර රාජයා රැ 1750ක් පමණයි. යනුවෙනි

Reply

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!