හෙළරට - ප්‍රාදේශීය පුවත්

කුඹුරට බහින්න කලින් මී උණ බෙහෙත බොන්න..

කළුතර දිස්ත්‍රික්කයේ පවතින වර්ෂා
තත්ත්වයත් සමග කුඹුරු වැඩ සඳහා
යොමුවන අය කුඹුරුවලට බැසීමට
පෙර මී උණ සඳහා ඖෂධ ලබා
ගන්නැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු
සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක
නිලධාරීන් ගොවි ජනතාවගෙන් ඉල්ලති.

සෑම වසරකම කළුතර
දිස්ත්‍රික්කයෙන් වැඩි මී උණ ​රෝගීන්
සංඛ්‍යාවක් වාර්තා වන බැවින් ඒ
පිළිබඳ අවධානයෙන් කටයුතු කරන
ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

කුඹුරු සහ කුඹුරු ආශ්‍රිත
කටයුතුවලදී මෙන්ම ජලාශ, මංමාවත්
පවිත්‍ර කටයුතු, කුඹුරු හෝ එවැනි
ස්ථානවල ක්‍රීඩා කිරීම, කුඹුරු ආශ්‍රිත
ඇළ, දොළවල දිය නෑම ආදියෙන්
ප්‍රවේශම් විය යුතු බව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ගොවිතැන්
කටයුතුවලට පෙර ප්‍රදේශයේ මහජන
සෞඛ්‍ය පරීක්ෂක හමුවී මෙම ඖෂධ
නොමිලයේ ලබා ගත හැකිය.
පාදවල හෝ ශරීරයේ තුවාල ඇති
පුද්ගලයන් මෙවැනි කටයුතුවලදී දැඩි ලෙස ප්‍රවේසම් වෙන ලෙස කියයි.

Related posts

කොරෝනාවෙන් කාර්ය බහුල වු නවගමුව රෝහලට පරිත්‍යාගයක්

Helarata

මත් ද්‍රව්‍ය උපදේශනයට කොලොන්නාව සැරසෙයි..

Helarata

කෑගල්ලේ සෞඛ්‍යයට ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්ගෙන් මුඛ ආවරණ

Helarata

Leave a Comment

Translate »