හෙළරට - විදෙස් පුවත්

කොරෝනා එන්නත් තරඟයට ඉන්දියාවත් එක්වෙයි..

කොරෝනා එන්නත් තරඟයට ඉන්දියාවත් එක්වෙයි

කොරෝනා වෛරසය සඳහා එන්නතක්
සොයා ගැනීමේ තරගයට දැන් ඉන්දියාවත්
නිල වශයෙන් එක්ව සිටියි. එරට රජයේ
ආයතනයක් වන ඉන්දීය වෛද්‍ය
පර්‌යේෂණ සභාව සහ හයිද්‍රාබාද්හි පිහිටි
ජෛව තාක්‍ෂණ සමාගමක් එක්ව මෙම
කටයුත්ත ඉදිරියට ගෙන යාමට නියමිත
බැව් සඳහන් වේ. ඔවුන් සඳහන් කරන්නේ
ඉන්දියාවට ආවේණික වූ එන්නතක්
නිපදවීමට තමුන් බලාපොරොත්තු වන
බවයි.


මේ සඳහා අවශ්‍ය වෛරස ප්‍රභේදයක්
වෙන් කර ගැනීමේ දී පූනාහි පිහිටි
ජාතික වෛරසවේද ආයතනය සහය
ලබා දුන් බවත්, ඔවුන්ද දිගටම මෙම
කටයුත්ත සමග සම්බන්ධව සිටින බවත්
වෛද්‍ය පර්‌යේෂණ සභාව සඳහන් කරයි.
මෙම එන්නත නිපදවීමේදී එය මුලින්
සතුන් සම්බන්ධයෙන්ද පසුව මිනිසුන්
සම්බන්ධයෙන්ද අත්හදා බැලීමට සිදුවන
අතර ඒ සඳහා අවශ්‍ය විවිධ අවසරයන්
ඉක්මනින් ලබා ගැනීමට අදහස් කරන බව
ඔවුන් පවසා ඇත.


මේ වනවිට ලොව රටවල් කිහිපයක්ම
කොරෝනා එන්නතක් නිපදවීම සඳහා
වේගවත් තරගයක නිරතව සිටින අතර
ඇමරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය වැනි
රටවල් ඒවා මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා
බැලීමද ආරම්භ කර තිබේ. ඇතැම් විට මෙම
වසර අවසානය වෙද්දී එන්නතක් හඳුන්වා
දීමට හැකිවනු ඇති බවටද ඇතැම් පාර්ශ්ව කියයි.

Related posts

චීනය ආසාදිතයින් ලැයිස්තුවේ පහලට..

Helarata

වයස 113 යි : කොරෝනාවෙන් සුවය ලබයි..

Helarata

ඇමරිකාවේ වැඩිම මරණ ගණන ඉරිදා වන විට – සියැටල්හි වොෂිංටන් විශ්ව විද්‍යාලය

Helarata

Leave a Comment

Translate »