හෙළරට - විදෙස් පුවත්

චීනයේ නගරයක් වසාදමයි..

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීම සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයක අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු  (13) පියවර ගත්හ.

.

 
මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිබේ. කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්හ.


 
මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වේ. ජිලින් නගරයේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ජීවත් වෙති. 

කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ මඟී බස් ප්‍රවාහන සේවා නවතා දැමීමට නගර බලධාරීහු පියවර ගත්හ. නගරයෙන් පිටතට යා හැක්කේ ‘කොවිඩ්-19’ පරීක්ෂාව කර වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු අයට පමණි.
  
ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ‘‘දැඩි ස්වයං-නිරෝධායන’’ සීමා පැනවීමට ද ජිලින් නගර බලධාරීහු පියවර ගෙන ඇත.

නගරයේ සිනමා ශාලා, ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථාන, අන්තර්ජාල කැෆේ සහ අනෙකුත් පොදු ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක කරන පරිදි වසා දැමීමට ද නගර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

Related posts

අයිස්ලන්තය බුරුල් වෙයි..

Helarata

කොරෝනා සතුන්ගෙන් බෝ වී ඇති බව යලිත් තහවුරු කරයි….

Helarata

රාජකීය තැපෑලේ 2000ක් එළියට….

Helarata

Leave a Comment

Translate »