හෙළරට - දේශිය පුවත්

චෙන්නායි හි සිර වී ගර්භනියන් ඇතුළු 320ක් යළි මෙරටට..

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 12 දින දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් ලොව පුරා පැතිර ගොස් ඇති කොරෝනා වෛරස ආසාදිත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .

ඔවුන් 12 දහවල් 12.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1122 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් අතර ගර්භනී තත්වයේ පසුවන මාතාවන් පිරිසක් ද සිටියහ .

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය විශබීජ හරණය කිරීම සිදු කළහ .

ඉන්පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බලන්නට විය .

මෙම සියලු පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසුව , මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථවලින් රැගෙන යන ලදී.

Related posts

ලංකාවේ අයට විදේශ නාවිකයේ රැකියා පිලිබද ජනපති අවධානයට..

Helarata

පකිස්තානානු මහ කොමසාරිස් සීගිරි ළඳුන් බලන්න යයි…

Helarata

හිටං යන්න බැහැ..

Helarata

Leave a Comment

Translate »