හෙළරට - විදෙස් පුවත්

බුදුන් වහන්සේ යනු දැඩි අධිෂ්ඨාන ශක්තියේ ප්‍රතිමූර්තියක් …

බුදුන් වහන්සේ යනු දැඩි අධිෂ්ඨාන ශක්තියේ ප්‍රතිමූර්තියක් – ඉන්දිය අගමැති

ලෝකයම කම්පනයට පත්ව ඇති මේ අවස්ථාවේදි බුදුන් වහන්සේගේ ඉගැන්විම් ඉතා වැදගත් යැයි ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.


ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් රූපවාහිනිය ඔස්සේ ලෝක බෞද්ධයන් අමතමින් අගමැතිවරයා එසේ කීය.
මා 2015 හා 2018 වසරවලදි හා 2019දි කොළඹදි වෙසක් උත්සවය ඇමතුවා.නමුත් මේ අවස්ථාව ඊට වඩා වෙනස්.අපි මුහුණට මුහුණ හමු වෙන්නේ නැහැ.


බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනොමයා කියලා.මනස ධර්මයන්ට පුර්වාගමි වෙනවා.මනසයි ශ්‍රෙෂ්ඨ .ඒ නිසයි අපි අද භෞතික දුරස්භාවයෙන් සිටියත් මනස නිසා ඒ දුරස්ථභාවය නොදැනෙන්නේ.මේ ආකාරයෙන් තාක්ෂණයෙන් ඔබඇමතිමට ලැබිම ගැන සතුටුයි.ජාත්‍යන්තර වෙසක් සම්මේලනයට මේ ආකාරයෙන් විශාල පිරිසක් සහභාගි වෙනවා.ලුම්බිණි, බුද්ධගයා, කුසිනාරා, අනුරාධපුරය ,වස්කඩුව ආදි ස්ථානවල ස්ථුපවල ආගමික වැඩසටහන් තාක්ෂණයෙන් පෙන්විම හොදයි.
බුදුන් වහන්සේ තමන් එළිය ලබා අන්‍යයන්ගේ ජිවිතවලටත් එළිය දුන්නා.බුදුන් වහනසේ එක අවස්ථාවක් හෝ එක ⁣සන්දර්භයක් නොවේ.බුදුරදුන්ගේ උපත බුදුවිම, පිරිනිවන්පෑම කාල චක්‍රය නොකඩවා ගමන් කරනවා.


බුද්ධයනු තවත් නමක් නොව එය ශුද්ධ වු සිතිවිල්ලක්.සෑම මිනිස් හදවතකම ස්පන්දනය වෙන සිතිවිල්ලක්.බුද්ධ යනු මනුෂ්‍යත්වයට මග පෙන්වන්නක්.බුද්ධ යනු
පරිත්‍යාගය හා සේවාවට සමාන පදයක් බුද්ධ යනු දැඩි අධිෂ්ඨාන ශක්තියේ සමාජ පරිවර්තනයක ප්‍රතිමූර්තියයි.


අමාරුම අවස්ථාවේ නොකඩවා උත්සහ කළ යුතුබව බුදුරජාණන් වහන්සේ දේශනාකළා.ඒ නිසා මෙවන් ලෝකයම කම්පා වි සිටින මොහොතක බුදුන් වහන්සේගේ ඉගැන්විම් වැදගත්.බුදුරජාණන් වහන්සේගේ සෑම වචනයක්ම සෑම දේශනයක්ම මනුෂ්‍යත්වය උදෙසායි.

Related posts

කොරෝනා සමග ලෝව පුරා ආතතිය…

Helarata

හොංකොං වැසියන් ලක්ෂ 30කට බ්‍රිතාන්‍ය දොර හැරේ…

Helarata

ඇමෙරිකාවේ නාවික හමුදාපති නිරෝධායනයට…

Helarata

Leave a Comment

Translate »