හෙළරට - දේශිය පුවත්

රාජිතගේ ඇප නියෝගය අවලංගු කෙරේ…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කොළඹ මහාධිකරණය විසින් බල රහිත කර තිබෙි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කලේ මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය දෝශ සහිත බවයි.

ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසටද කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

සැකකරුට ඇප ප්‍රදානය කිරීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට ලක් නොකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප නියම කර ඇති බව නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොණු කරමින් පෙන්වා දී තිබුණි.

සැකකරුගේ වෛද්‍ය වාර්තා නිසි පරිදි කැඳවා විමර්ශනයක් සිදුකිරීමට මහේස්ත්‍රාත්වරිය අපොහොසත් වූ බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබුණි

එම ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

Related posts

ආර්ථිකය නැංවිය හැකි ක්‍රම වහා ඉදිරිපත් කරන්න…

Helarata

ඇඳිරිනීතිය අස්සේ අකුරැස්සේ සභාපති ශ්‍රි පාදය වඳින්න යන්න ඇවිත්…

Helarata

විෂබීජ හරණ කුටිය සහිත බස් රථයක්…

Helarata

Leave a Comment

Translate »