හෙළරට - දේශිය පුවත්

වට්ස්ඇප් මාර්ගයෙන් ඉගැන්විම දරුවන්ගේ මොළ කුරුවල් කිරිමක්…

වට්ස්ඇප් මාර්ගයෙන් ඉගැන්වීම දරුවන්ගේ මොළ කුරුවල් කිරිමක් අදූරදර්ශි ක්‍රියාව වහා නවතන්නැයි – හෑගොඩ විපස්සි හිමියෝ කියති

පාසල් සිසුන්ට වට්ස්ඇප් වයිබර් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබාදිමට යෑමෙන් සිදුවන්නේ දරුවන්ගේ ඔළු කුරුවල් වීම පමණක් යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.


පාසල් නොපැවැත්වුවේ මාස 1 1/2 ක් වැනි කාලයක් බැවින් එම කාලය තුළදි විශේෂයෙන් ශීෂ්‍යත්ව දරුවන්ට දරාගත නොහැකි අන්දමේ අධ්‍යාපනික වැඩ තාක්ෂණය ඔස්සේ ගුරුවරුන් විසින් ලබාදෙන බව දැනගන්නට ඇතැයි විපස්සි හිමියෝ පෙන්වා දෙති.
විශේෂයෙන් තම විෂයය ආවරණය කළා යැයි කීමට ගුරුවරුන් එසේ කරනවා විය හැකි වුවත් මෙයින් සිදුවන්නේ දරුවන්⁣ට යහපතක් නොව හානියක් බවද උන්වහන්සේ කියති.


මීට වඩා 88- 89 කාලයේදි දිගු කාලයක් පාසල් වසා තැබුවත් මේ ආකාරයෙන් කඩිනම් අධ්‍යාපන ක්‍රම භාවිතා නොකළ බව පෙන්වා දෙන විපස්සි හිමියෝ එම කාලයේදි පාසල් ඇරඹු පසු සුදුසු ලෙස විභාග පැවැත්වු බව කියති.එසේම ඒ යුගයේදි පාසල් දරුවන්ව සිටි අය අද සමාජයේ කැපි පෙනෙන සේවාවන්වල යෙදි සිටින බවද උන් වහන්සේ කියති.

විශේෂයෙන් ⁣ආගමික,වෛද්‍ය ඉංජිනේරු,අධ්‍යාපනික,දේශපාලනික ආදි සෑම කේෂත්‍රයකම අද සේවය කරන්නේ එදා භීෂණ සමයේ පාසල්වලින් බිහිවු අයයි.නමුත් අද කොරෝනා වසංගතය නිසා කෙටි කාලයක් පාසල් වසා තැබිම නිසා වට්ස්ඇප් ආදි තාක්ෂණික ක්‍රම ඔස්සේ දරුවන්ට ඉගැන්විමට යෑම ඉතා අසාර්ථක ක්‍රමයක්.ඒ වගේම දරුවන්ගේ මොළය කුරුවල් වෙනවා.එසේම මෙය බලවත් අසාධරණයක්.සමහර ප්‍රදේශවල දුරකතනවලට සිග්නල් නැහැ.තව දරුවන්ට දුරකතන නැහැ.දුප්පත් දෙමවිපියන් කොහොමද එවැනි දුරකතන දරුවන්ට අරන්දෙන්නේ.අනෙක් කාරණය බොහෝ දෙමව්පියන් දරුවන්ට දුරකතන භාවිතය තහනම් කර තිබෙනවා.එවැනි පවුල්වල මේ තත්වය මත දරුවන් හා මව්පියන් අතර ගැටුම් ඇතිවෙනවා.එසේම ඇති නැති පරතරය මෙයින් ඇතිවෙනවා.මේක ඉතාම භයානක වැඩපිළිවෙළක්.අනවශ්‍ය ප්‍රශ්නයක්.
මෙය ක්‍රමිකව සමාජයට හුරුකළ යුතු ක්‍රියාවලියක්.ලෝකයේ දියුණු රටවල මෙය ක්‍රියාත්මක වෙනවා.නමුත් අපේ රටේ මෙය එකවර කිරිම සුදුසු නැහැ.මෙය පර්යේෂණාත්මක මට්ටමේ තිබිය යුතුයි.

දරුවන්ගේ චින්තය දුර්වල කිරිමේ මේ ක්‍රියාවලිය තුළින් දරුවන් දෙමව්පියන්ගෙන් දුරස් කිරිම මෙන්ම දරුවන් හුදකලා කිරිමක්ද වෙනවා.මෙය අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය ඔස්සේ ආ යුත්තක්.එම නිසා මෙවැනි අදුරදර්ශි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට අනුමත කළ අය නැවතත් මේ ගැන සිතා බැලිය යුතුයැයිද හෑගොඩ විපස්සි හිමියෝ පැවසුහ.

Related posts

Here’s Why Your Salad May Not Be The Most Healthy Meal

Helarata

ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්…

Helarata

ජනපති සෝමාවතියේ…

Helarata

Leave a Comment

Translate »