හෙළරට - විදෙස් පුවත්

සටන් ජයගත්තත් යුද්ධය ජය ගෙන නැහැ…

සටන් ජයගත්තත්
යුද්ධය ජය ගෙන නැහැ – නවසීලන්ත අගමැතිනිය

නිරන්ජන් හේරත් නවසිලන්තයේ සිට

පසුගිය 11 වෙනි සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය විසින් 13 වෙනි බදාදා රාත්‍රී 11.59 සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා වසංගත තත්වය හේතුකොටගෙන පැනවූ නීති රීති තව දුරටත් ලිහිල් කරන බව පැවසුවාය.

මේ අනුව සිල්ලර වෙළඳසැල්, කඩ සාප්පු, ආපනශාලා, අවන්හල්, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි වැනි පොදු ස්ථාන මෙම 14 වෙනි බ්‍රහස්පතින්දා සිට විවෘත කළ හැකි වන අතර පාසල් විවෘත වන්නේ මැයි 18 වන සඳුදා සිටය.

මැයි 21 බ්‍රහස්පතින්දා සිට අවන්හල් විවෘත කළ හැකි නමුත් ඒවා දැඩි නීති රීති වලට යටත්ව තම සේවා සැපයිය යුතුය. අවන්හල් විවෘත කිරීම මෙතරම් ප්‍රමාද කරන්නෙත්, මෙවැනි දැඩි නීති හඳුන්වා දෙන්නේත් එම ස්ථානතුල මෙම රෝගය ව්‍යාප්ත වීමට වැඩි ඉඩ කඩක් ඇති නිසා යැයි ජසින්ඩා මහත්මිය පැවසූ අතර දකුණු කොරියාව මීට හොඳම උදාහරණය බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

කණ්ඩායම් වශයෙන් රැස්විය යුතු අවස්තාවලදී ඒවා පුද්ගලයන් 10 ක් හෝ ඊට අඩු ගණනකට සීමා විය යුතු බවත් පැවසූ ජසින්ඩා මහත්මිය ක්‍රීඩා පිටි, උද්‍යාන, සාප්පු සංකීර්ණ හෝ වීදි දිගේ ගමන් කරන විට, මීටර් දෙකක දුරකුත් කැෆේ, පල්ලි, රැස්වීම්, අවන්හල් සහ සිල්ලර වෙළඳසැල් තුල මීටරයක දුර පවත්වා ගත යුතු බවත් වැඩි දුරටත් පැවසුවාය. එමෙන්ම මේ සෑම ස්ථානයකම එන යන අයගේ තොරතුරු ලේඛන ගත කල යුතුවේ.

“අපි තව බොහෝ දේ කළ යුතු බව අපි දනිමු. අපි සටන් කිහිපයක් ජයගෙන ඇති නමුත් අපි යුද්ධය ජයගෙන නැත” යනුවෙන් ජසින්ඩා මහත්මිය පැවසීය.

Related posts

ඉන්දියාවේ කොරෝනා සීග්‍රයෙන් ඉහල යයි.. මරණ 249 ආසාදිත 7,600

Helarata

පාලමේ සාදයෙන් කොරෝනාට සමුදෙයි…

Helarata

කොරෝනාවෙන් සුවවු අගමැති බොරිස් ජොන්සන් පිය පදවියට…

Helarata

Leave a Comment

Translate »