හෙළරට - දේශිය පුවත්

සිගරැට් බීම වසරකටවත් තහනම් කරන්න…

රජය විසින් ඇඳිරිනීතිය ඉවත්කර ජන
ජීවිතය සාමාන්‍ය අතට පත්කළද දුම්වැටි
භාවිතය ඉදිරි වසරකටවත් තහනම් කළ
යුතු බව ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර
පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති
වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

දුම්වැටි භාවිත කරන පුද්ගලයන්ගේ
පෙණහලු ඉතා දුර්වල වන බැවින්
ශ්වසන රෝගයක් වූ කොවිඩ් – 19
රෝගය සඳහා මෙය සෘජුවම බලපාන
බවත් මේ වන විට ලෝක සෞඛ්‍ය
සංවිධානය විසින් නිල වශයෙන් දන්වා
ඇති බවද හෙතෙම සඳහන් කළේය.

දුම්වැටි භාවිත නොකරන අයෙකුට
වඩා, භාවිත කරන අයෙකුගේ කොවිඩ්

19 ආසාදනය වීමේ ප්‍රතිශතය 14%
කින් වැඩි බව කී සභාපතිවරයා
වෛරසය ආසාදනය වූවොත් දැඩි
සත්කාර ඒකකයට යාමේ සහ මරණයට
පත්වීමේ හැකියාවද නිරෝගී කෙනෙකුට
වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා
බව සඳහන් කරයි. ඔහු පවසන පරිදි
දුම්වැටියක ශරීරයට විෂ වන රසායනික
ද්‍රව්‍ය 4,000 ක් පමණ තිබේ. ලංකාවේ
පුද්ගලයන් 60 ක් පමණ දුම්බීම
හේතුවෙන් දිනකට මිය යයි. එයින්
10%ක් එනම් 6 දෙනෙකු මියයන්නේ
අක්‍රිය දුම්පානය නිසාය.


එමෙන්ම කොවිඩ් – 19 පැතිරීම
වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ
භාවිතය අනිවාර්ය කළද දුම්පානය
කරන පුද්ගලයන් මෙය නොපැලඳීම
අනතුරුදායක බවද හෙතෙම කීය.

සුදුවැල්ලේ පුද්ගලයන් හයක් එකම
දුම්වැටිය පාවිච්චි කළ බැවින්
පහසුවෙන් ඔවුන් අතරේ කොවිඩ් – 19
වෛරසය පැතිරුණ බවත් එය මෙරට
මහත් ව්‍යසනයකට හේතු වූ බවත් ඔහු සදහන් කරයි.

Related posts

ජනතා හැසිරිම සොයන්න බුද්ධි අංශ…

Helarata

මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70 ක් තුළයි…

Helarata

කොන්දේසි සහිතව සරසවි ඇරීමට අවසර…

Helarata

Leave a Comment

Translate »