හෙළරට - දේශිය පුවත්

හෙළරට පුවතට අගමැති අවධානය…

හෙළරට පුවතට අගමැති අවධානය – දහම් ගුරුවරුන්ටත් පන්දහස ලැබෙන ලකුණු

ජනක හෙට්ටිආරච්චි

දහම් පාසල් ගුරු භවතුන් හට රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි එම මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී , මල්වතු මහා විහාර පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක , ශාස්ත්‍රපති ගෝනදුවේ ගුණානන්ද නාහිමියෝ හෙළරට පුවත් සේවයට පැවසුහ.

ඒ සම්බන්ධයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම පසුගියදා “හෙලරට පුවත්” හි පල වු අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරිනියක් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බවද නාහිමියෝ පැවසුහ.

දිවයිනේ දහම් පාසල් ගුරුභවතුන් එක්ලක්ෂ තිස් හත්දහසක් පමණ මේ වන විට සේවයේ නිරත බවත් ඒ අතුරින් දැනට වැඩිහිටි , සමෘද්ධි හෝ වෙනත් දීමනාවන් ලබන අය හැර රැකියා විරහිත ගුරුභවතුන් වෙත මෙම දීමනාව ලබා දීම සුදුසු හෙයින් ඔවුන් පිලිබඳ සියලු තොරතුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා ලෙස දැනුවත් කළ බවත් ගෝනදුවේ ගුණානන්ද නාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.

මේ සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා දුන් හෙළරට පුවත් සේවය වෙත පුණ්‍යානුමෝදනා පුර්වක ස්තුතිය පුද කරන බවද උන්වහන්සේ පැවසුහ.

Related posts

සිඟිති පාතාල වීඩියෝවලට වනවාසි හිමිගෙන් ප්‍රහාරයක්…

Helarata

කෑගල්ලට කෝටි 8ක පොහොර..

Helarata

අමුත්තන්ට රැඳවියන් බැලීම අත්හිටුවයි…

Helarata

Leave a Comment

Translate »