හෙළරට - විදෙස් පුවත්

කොරෝනාවෙන් කඩා වැටුණු නවසීලන්තය ගොඩගන්න අයවැයෙන් මුදල්..

නිරංජන් හේරත් නවසිලන්තයේ සිට

නවසීලන්තයේ මුදල් අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා විසින් ඉදිරි මුදල් වර්ෂය සඳහා අයවැය යෝජනා (මාර්තු 14 වෙනිදා) ඉදිරිපත් කළේය.

මෙම අයවැයෙන් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් කඩා වැටුන ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා ඩොලර් බිලියන 50 ක මුදලක් වෙන් කර තිබේ. කොවිඩ් වසංගතය නිසා ආර්ථිකයට එල්ලවූ බලපෑම නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට විරැකියාව දෙගුණයකට වඩා වැඩි වනු ඇතැයි නවසීලන්ත රජය විශ්වාස කරයි.

රැකියා අහිමි වූවන් සඳහා ගෙවන වැටුප් සහනාධාරය, නව වෘත්තිකයන් පුහුණු කිරීම සහ නිවාස ඉදිකිරීමේ වැඩසටහන යන දේවලට මෙවර අයවැය මගින් විශාල මුදලක් වෙන්කර තිබිණ. එමෙන්ම ව්‍යාපාර දිරිගැන්වීම සඳහා කෙටිකාලීන ණය යෝජනා ක්‍රමයක් ද අපනයනකරුවන්ගේ දිරිගැන්වීමේ අදහසින් එම ක්ෂේත්‍රයට සහ දේශීය සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයට මෙවර අයවැයෙන් සහන ඉදිරිපත් කර තිබිණි.
මේ අතර රැකියා අහිමි වූ ශ්‍රමිකයන් පරිසරය සුරැකීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමේ අදහසින් එම අංශයේ රැකියා 11,000 කට ආසන්න සංඛ්‍යාවක් බිහිකිරීමේ අරමුණින්ද මුදලක් වෙන් කර තිබෙන අතර රජයේ නිවාස යෝජනා ක්‍රම, දුම්රිය වැඩි දියුණු කිරීම යන දේවලටද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ.

සියලුම වයස් කාණ්ඩ සඳහා ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා ඉදිරි වසර දෙක තුළ නොමිලේ ලබා දෙන්නටත් තෘතීයික අධ්‍යාපනය ලබන සිසුන්ට ඉදිරි මාස කිහිපය සඳහා සහනාධාර ලබාදීමටත් වර්තමාන පාසල් දිවා ආහාරය සිසුන් 200,000 දක්වා වැඩි කිරීමටත් රජය යෝජනා කරයි.

නිරංජන් හේරත් නවසිලන්තයේ සිට

Related posts

ජපානයේ පාර්ට් ටයිම් රැකියාකරන අයට සහන..

Helarata

ලොව ලොකුම කොරෝනා රෝහල දිල්ලියේ…

Helarata

කොලොම්බස් කම්බස්කර ජලාශයට දමයි…

Helarata

Leave a Comment

Translate »