හෙළරට - විදෙස් පුවත්

කොරෝනා සදහට ඔබ මගේ වෙන ලකුණු…

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් 
තුරන් නොවන බවත් ලෝකවාසීන් වයිරසය සමඟ ජීවත් වීමට හුරුපුරුදු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනතුරු ඇඟවීම කළේ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 300,000කට ළඟා වෙමින් තිබෙන මොහොතකය.
 
‘‘නව කොරෝනා වයිරසයත් අනෙක් වයිරස වගේම අප අතර තියේවි. ඒ නිසි අපි නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වීමට පුරුදු වෙන්න ඕනෑ’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවැසීය.
 
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම (13) පස්වරුවේ ඒ බව සඳහන් කළේය.

Related posts

රෝහින්ග්‍යා 270ක් මැලේසියාවේ හිරේට…

Helarata

ඇන්ඩෲ කුමරු ගැන විමර්ශනයක්…

Helarata

ඇමෙරිකාවේ ආසාදිතයින් 400,000 පනි. මරණ 12,854

Helarata

Leave a Comment

Translate »